නව්‍ය ඉගෙනුම් ක්‍රම තුළින් ශ්‍රී ලංකාවේ වී ගොවීන් සවිබල ගැන්වේ

88

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව ශ්‍රී ලංකාව පුරා වී ගොවීන් අතර ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ දැනුම සහ භාවිතයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් පරිවර්තනීය වැඩසටහනක් දියත් කර තිබේ. පසුගියදා පොළොන්නරුවේ දී පැවැත්වුණු සමාරම්භක උත්සවයේ දී නැණ වගාව හඳුන්වාදීම මගින් මෙම මුලපිරීම සිදුකෙරිණි.

‘සාරවත් පසක් සරුසාර අස්වැන්නක්’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ මංගල ගොවි ක්‍ෂේත්‍ර දිනය ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ සහයෝගිතා ප්‍රධානි යොහාන් හෙසේ මහතා, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නියෝජිත විමලේන්ද්‍ර ෂරන් මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජිතයන් විසින් ආරම්භ කරන ලදී. මංගල ගොවි ක්‍ෂේත්‍ර දිනයට 300කට අධික ගොවීන් පිරිසක් සහභාගි වූ අතර වඩා තිරසාර හා ඵලදායි ගොවිතැනක් සඳහා ඒකාබද්ධ ශාක පෝෂඛ කළමනාකරණ ශිල්පීය ක්‍රම භාවිතය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ අවබෝධය ලබාගන්නා ලදී.

ගොවි ක්‍ෂේත්‍ර දිනය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගි ප්‍රයත්නයක් වන රයිස්අප් ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන අතර එම ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 4කින් අරමුදල් සපයයි

advertistmentadvertistment
advertistmentadvertistment