රුසියාව නැතිව ජිනීවා සමුළුව ඇරැඹේ – ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා ඇතුළත් වාර්තාවක්

337

රුසියාවේ සහභාගිත්වයෙන් තොරව ජිනීවා මානව හිමිකම් 50 වැනි සමුළුව අද (13 දා) ජිනීවා නුවරදී ආරම්භ වේ.

මේ වනවිට රුසියාව මානව හිමිකම් සමුළුවෙන් නෙරපා දමා ඇති අතර ඡන්ද 93 ක් ලබා මෙය සිදුකර ඇත. මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, මාලදිවයින ඇතුළු රටවල් 68 ක් ඡන්දය දී නැත. මෙවර 50 වැනි සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඒ එක්ස් 23 :(AX  23) යටතේ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට බරපතළ චෝදනා එල්ල කර ඇත. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු විසින් මෙම වාර්තාව කෙටුම්පත් කර තිබේ. සමුළුව ජූලි 13 වැනිදා දක්වා පැවැත්වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment