ඉල්ලීම් හතරකට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති සන්ධානයේ තෙවැනි උද්ඝෝෂණය 12 දා අනුරාධපුරයේදී

62

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කර ගැනීම, උග්‍ර ගුරු හිඟය, අධ්‍යාපනයේ බර දෙමාපියන් මත පැටවීම ඇතුළු ඉල්ලීම් හතරක් සඳහා විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකෙරෙන දැවැන්ත උද්ඝෝෂණයක් ලබන 12 දා අනුරාධපුර දී පැවැත්වේ.

ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එක්ව මෙය සංවිධානය කරයි. රට පුරා පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ තුන්වැනි උද්ඝෝෂණය මෙසේ ලබන 12 දා පස්වරු 2ට අනුරාධපුර නගරයේ කඩ දොළහ අසලදී පැවැත්වේ.

මෙම උද්ඝෝෂණයට උතුරු මැද පළාතේ ගුරු විදුහල්පතිවරු පන්දහසකට අධික පිරිසක් එක්ව රජයට එරෙහිව මෙම දැවැන්ත උද්ඝෝෂණය සිදු කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසීය.

නොචිචියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment