පෙම්වතිය පැහැරගත් තරුණයින් දෙදෙනෙක් අද අධිකරණයට

156


ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටී ඇතිවූ සිත්තැවුලක් මත 23 හැවිරිදි තරුණියක් අලුත්ගමල මොරගල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව පොලීසිය පවසයි.
පැහැරගත් කාන්තාව තැන්නහේන යක්වත්ත ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටියදී සොයාගෙන ප්‍රතිකාර සඳහා සිනවත්ත රෝහලට ඇතුළු කර තිබේ.
සැකකරුවන් අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment