ග්‍රාම නිලධාරිණියකට කැත වැඩක් කරන්න හැදූ කල්පිටිය පරිපාලන ග්‍රාම නිලධාරි අත්අඩංගුවට

578

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරන ග්‍රාම නිලධාරිණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.

11 වැනිදා දහවල් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ සිද්ධියට මුහුණ දුන් ග්‍රාම නිලධාරිවරයාගේ පැමිණිල්ලකට අනුවයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරක්කල්ලිය වසම බාර 35 හැවිරිදි ග්‍රාම නිලධාරිණියක විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ. ඉකුත් ජනවාරි මස 20 වැනිදා පරිපාලන ග්‍රාම නිලධාරීවරයා තම නිවසට පැමිණි අවස්ථාවේදී ඔහු තමන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පැමිණිලිකාර ග්‍රාම නිලධාරිවරිය පොලිසියට පැමිණිලි කර ඇත. සැකකාර පරිපාලන ග්‍රාම නිලධාරිවරයා පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම / නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment