කිඹුලාඇළේ ගුණා ඇතුළු පිරිස ලංකාවට භාරදීමට ඉන්දියාව කැමැති වෙයි

142

ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් කිඹුලාඇළේ ගුණා ශ්‍රී ලංකා පොලිසියට භාරදීමට කැමැත්ත පළකර ඇතැයි රහස් පොලිස් ආරංචිමාර්ග කියයි.

මේ අනුව කිඹුලාඇළේ ගුණා රැගෙන ඒමට ඉන්දීය ආරක්‍ෂක සේවාවන් අද හෙටම දිනයක් දැනුම් දියහැකි බව ද රහස් පොලිසිය පවසයි.

කිඹුලාඇළේ ගුණා සහ ඔහුගේ සගයන් 9 දෙනකු ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් මීට සති කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්නකරමින් සිටින බව ශ්‍රී ලංකාවට වාර්තා වී තිබිණි.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය කළ සාකච්ඡාවකින් පසු ඔවුන් දිවයිනට රැගෙන ඒමට තීරණය කර තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment