මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ නඩුව කල් යයි

29

අලුත් සාක්ෂි හා සාධක නොමැතිකම නිසාත් යළි කැණීම් කටයුතු සිදු කරගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් නොවීමත් නිසා මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩුව එළඹෙන මැයි මස 16 වෙනිදා දක්වා මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා විසින් කල් තබන ලදී.

මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කළේ යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ සංවිධාන කීපයක් හා මුලතිව් ප්‍රදේශයේ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් ගොණු කොට තිබූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මේ නඩුව සඳහා මෙවර රජයේ පාර්ශ්වයේ වගකිව යුතු නිලධාරීන් කිසිවකුත් සහභාගි වී නොතිබූ අතර එම නිලධාරීන් විසින් ප්‍රකාශ කීපයක් අධිකරණය වෙත යොමු කොට තිබුණි.

මේ වන විට මුලතිව් සමූහ මිනී වළ දිගින් අඩි 14 ක් හා පළලින් අඩි 4.7 ක් වන අකාරයට හාරා ඇති අතර එම සමූහ මිනී වළ අවම වශයෙන් තවත් අඩි 40 ක් දුරට හෝ හෑරීමට සිදු වනු ඇතැයි අපේක්ෂා කරයි.

අදියර දෙකක් යටතේ කැණීම් සිදු කළ මෙම සමූහ මිනී වළෙන් මේ වන විට මිනිස් ඇටසැකිලි කොටස් 38 ක් හා තවත් ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment