චීන ජනාධිපති ඒකාධිපතියෙක් යැයි ඇමෙරිකානු ජනාධිපති චෝදනා කරයි

411

චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කැලිෆෝනියාවේ පැවති මුදල් රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු එසේ පවසා ඇත.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර සාකච්ඡා පවත්වා දිනකට පසුය.

එම හමුව පැවැත්වුණේ ලෝක බලවතුන් දෙදෙනා අතර මතුවී ඇති ගැටලු නිරාකරණය සඳහා ය.

ඒ සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට ඔවුන් දෙදෙනා එකඟවී ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ චෝදනාවට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

advertistmentadvertistment
advertistmentadvertistment