කොරියා යන්න මින් පසු ශ්‍රී ලංකන් නැහැ

2090


කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ප්‍රමාදවීම නිසා ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටලුවට ස්ථිර විසදුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ලබාදී ඇත.

ඒ අනුව කොරියාව හා ලංකාව අතර කොරියානු ගුවන් සේවය විසින් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කොරියානු රජය සමග සාකච්ඡා කර තිබෙන බවත් තවත් මාස දෙකක් වැනි කාලයක් තුළදී කොරියානු රැකියා සදහා යන ශ්‍රමිකයින් කොරියානු ගුවන් සේවය හරහා සෘජුවම කොරියාවට යැවිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment