පොහොට්ටුවේ පළාත් පාලන ප්‍රධානීන්ට බැසිල්ගෙන් කැඳවීමක්

112

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (21දා) කොළඹට කැඳවීමට එම පක්‍ෂය පියවර ගෙන තිබේ. පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇත. එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙන අතර ඉදිරි දේශපාලන පියවර පිළිබඳව පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට නියමිත බව පක්‍ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය. මෙරට සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු 19 වැනිදායින් අවසන් වේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment