ප්‍රතික්‍රීයක හිඟයි: අවයව බද්ධ කිරීම් නැවතීමේ අවදානමක්

142

ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන් අවයව බද්ධ කිරීම ලබන මාසයේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් පවතී.

දිවයින පුරා රෝහල්වල අවයව බද්ධ කිරීම සහ සැසඳීම සඳහා ප්‍රතික්‍රීයක හිඟය උග්‍රවී තිබෙන බව රෝහල් ආරංචිමාර්ග ඊයේ (19දා) පැවසීය. බද්ධ කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක යුරෝපා රටවලින් මිලදී ගන්නා බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුට රුපියල් මිලියන 500 කට අධික හිඟ මුදලක් ගෙවීමට ඇති බැවින් සැපයුම්කරු ප්‍රතික්‍රීයක ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් එම ආරංචිමාර්ග පවසයි. ප්‍රතික්‍රීයක ආනයනයට සංස්ථාව එක් සැපයුම්කරුවකු පමණක් තෝරා ගැනීමෙන් එහි ඒකාධිකාරයක් හටගෙන තිබෙන බව පවසන එම ආරංචිමාර්ග හදිසි ශල්‍යකර්ම පොරොත්තු ලේඛනවල මාස ගණනක සිට අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ගේ ජීවිත මේ වනවිට දැඩි අනතුරට පත්ව තිබෙන බවද කියා සිටී. එක් රෝගියකුගේ ප්‍රතික්‍රීයක පරීක්ෂණ සහ සැසඳීම සඳහා රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් වැය කෙරෙන අතර රෝගියකුට එවැනි මුදලක් දැරීම අපහසු වන බැවින් එම ජීවිත අනතුරට පත්වන බවත් පැවසේ.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment