තමිල්නාඩු යාචකයා දෙවැනි ආධාර මුදලත් ශ්‍රී ලංකාවට එවයි : මුදල ඉන්දීය රු. 20,000 ක්

305

ශ්‍රී ලංකාවේ සහන අරමුදලට මීට පෙර ඉන්දීය රු.10,000 ක් පරිත්‍යාග කළ තමිල්නාඩුවේ යාචකයා තවත් ඉන්දීය රු.20,000 ක මුදලක් ශ්‍රී ලංකාවේ සහන අරමුදලට පරිත්‍යාග කොට තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩුවේ, තූත්තුකුඩි, අලංගිනාරු ගම්මානයේ සිගමන් යදිමින් ජීවත් වන 72 හැවිරිදි පූල් පාණ්ඩියන් නැමැත්තා සිය මුදල් ආධාරය ශ්‍රී ලංකාවට එවීම සඳහා චෙන්නායි මහ කොමසාරිස් කාර්යාලය වෙත බාර දී තිබේ.

ඔහු මෙම මුදල උපයා ගෙන ඇත්තේ තූත්තුකුඩි, අලංගිනාරු, විරුදුනගර් ඉසන්ති කෝවිලේ පැවැති මංගල්ල සමයේදී සිගමන් යැදීමෙනි. මෙම යාචකයගේ බිරිඳ මියා යාමෙන් පසුව ඔහු සිගමන් යැදීම වෘත්තියක් වශයෙන් සිදු කරගෙන යන අතර එසේ සිගමන් යැදීමෙන් ලද ආදායමෙන් කොරෝනා සහ අධ්‍යාපන ආධාර වශයෙන් ඉන්දීය රු.5 ලක්ෂ 60 දහසක් ඉන්දීය අරමුදල් වලටද පරිත්‍යාග කර ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment