අලුත් මැ.කො.ස රත්නායක – මානව හිමිකම් කොමිසමටත් නව සාමාජිකයෝ

139

මැතිවරණ කොමිසමට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාමාජිකයන් පත්කර ඇත.

මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංචිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පත් කර තිබෙන අතර, එම්. ඒ. පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

2020 වසරේ සිට මේ දක්වා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා මහතා කටයුතු කළේය.

අදාළ ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවන් ඇති පුද්ගලයන් මේ සඳහා පත්කරනු ලැබ ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment