එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගනී

93

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි තෙවැනි චාල්ස් රජුගේ නැගණිය වන බ්‍රිතාන්‍ය රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීම සඳහා ඊයේ (11 දා) මහනුවරට පැමිණියාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ඇතුළු පිරිස විසින් මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී ඈන් කුමරිය ඇතුළු දූත පිරිස පිළිගැනීම සිදු වූ අතර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ශ්‍රී දළදා මාළිගාවේදී ඔවුන් පිළිගැනීම සිදු කරන ලදී.

ඉන් අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාළිගා සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තැබීය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment