මුද්‍රණ දෙපාර්තමේන්තුවට කෝටි 16ක් පොලු තියලා – විගණනයෙන් හෙළිවෙයි

90

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට විවිධ ආයතනවලින් හිඟ මුදල් වශයෙන් රුපියල් දහඅටකෝටි තිස්තුන්ලක්ෂ අනූහතරදහස් තුන්සිය හතළිස් හයක මුදලක් (183,394,346) අයවීමට ඇතත් 2021 වර්ෂයේ දී ඉන් අයකර ගෙන ඇත්තේ රුපියල් දෙකෝටි පනස් එක්ලක්ෂ අසූදහස් හයසිය අනූඅටක මුදලක් යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

2010 වර්ෂයේ සිට 2019 දක්වා කාලයට අදාළව මෙම හිඟ මුදල් ලැබීමට තිබූ අතර මින් අයකර ගෙන ඇත්තේ සියයට 14ක මුදලක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. ඒ අනුව මෙම ආයතනවලින් රුපියල් පහළොස් කෝටි අසූදෙලක්‍ෂ දහතුන්දහස් හයසිය පනහක (158,213,650ක) හිඟ මුදලක් ලැබීමට ඇත. මේ පිළිබඳ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2019 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලයට අදාළව හිඟ ආදායමෙන් රුපියල් දෙකෝටි පනස් එක් ලක්‍ෂ අසූදහස් හයසිය අනූඅටක මුදලක් අයකර ගෙන ඇති බවය. ඉතිරි මුදල් ලබා දෙන ලෙස අවස්ථා ගණනාවක දී අදාළ ආයතන වෙත සිහිකැඳවීම් ලිපි සහ දුරකථන ඇමතුම් මගින් දැනුවත් කර ඇත. ඒ අනුව 2022 වර්ෂයේ මැයි 19 වැනිදා වන විට තවත් රුපියල් විසිහය ලක්‍ෂ හැටපන්දහස් හාරසිය අසූහයක (2,665,486ක) මුදලක් අයකර ගැනීමට කටයුතු කර ඇත. හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට වැඩපිළිවෙළක් යෙදිය යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment