ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම නව වසරේ සමාරම්භක උත්සවයේ නව ව්‍යාපාර පිළිගන්වමින්…

2024 වර්ෂය සඳහා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සවය ජනවාරි මස 1 වැනි දින ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරණු ලැබුවේ ආගමික කටයුතු වලට මුල්තැන දෙමින්ය. මෙම අවස්ථාවේදී 2024 වසර සඳහා වන ආයතනයේ ව්‍යාපාරික අරමුණු කරා රැගෙන යන තේමාව වන ‘විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රියත්වය‘ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලය, ආයතනික කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ප්‍රධාන කාර්යාලයේ උත්සවයට සමගාමීව දිවයින පුරා සියලු‍ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා වලදී ද ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සව පවත්වන ලදී. එසේම ශාඛා ජාලයේ කාර්යමණ්ඩලය වෙනුවන් ප්‍රධාන කාර්යාලයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ උත්සව කටයුතු සජීවීව විකාශනය කිරීමද සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විශාලතම සහ ශක්තිමත්ම රාජ්‍ය රක්‍ෂණ සමාගම ලෙස වසර 62ක කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරයි. රක්ෂණ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය රඳා පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිරන්තයෙන් තම දායකත්වය රක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දී තිබේ. 2023 වසර පොදුවේ ගත් කල සියලු‍ම ව්‍යාපාර වලට අභියෝගාත්මක වසරක් වූ අතර එම අභියෝග වලට සැලසුම් සහගතව මුහුණ දෙමින් එම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්වී ඇත. 2023 වසර පුරා ලබා ඇති ජයග්‍රහණ සහ මුල්‍ය ප්‍රතිඵල මෙය තව දුරටත් තහවුරු කරයි.

ඡායාරූප සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment