කුඩු ජාවාරම්කාරයන් නිවෙස් අතහැර ගිහින්

318

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝමයක් සිය නිවෙස් අත්හැර ගොස් ඇතැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රය’ට පැවසීය.

මත්ද්‍රව්‍යයට එරෙහිව සිදුකරනු ලබන පොලිස් මෙහෙයුම නිසා මත්කුඩු හිඟයක් පවතින බවත් ජාවාරම්කරුවන් රුපියල් දෙදාහක මුදලකට අලෙවි කළ මත්කුඩු පැකට්ටුව රුපියල් අටදාහ දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම යුක්තියේ මෙහෙයුම ඉතා සාර්ථක ලෙස කෙරී ගෙන යන නිසා ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පොලිස් ස්ථානවලට තොරතුරු ලැබෙමින් පවතින බව ද හෙතෙම පැවසීය.

මෙම යුක්තියේ මෙහෙයුමට සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් සම්බන්ධ කර ගෙන තිබෙන බව ද ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment