නිදහස් උත්සවයේ වියදම්වලින් පාසල් දියුණු කරන්න තිබුණා

64

පොදු ජනතාවගේ සහභාගීත්වයක් නැති 76 වැනි නිදහස සැමරුම විහිළු‍වක්
සජිත් ප්‍රේමදාස නොච්චියාගමදී කියයි

නොච්චියාගම පාසලේ පැවැති උත්සවයේදී විශේෂ අවශ්‍යතා සහිත දැරියකගේ දුක්ගැනවිල්ල විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඇගේ මව ඉදිරිපත් කළ මොහොත.

පාරවල බැරියර් දමා ආරක්ෂක මුර භට කණ්ඩායම් යොදවා රටේ පොදුජනතාවට සහභාගි වීමට අවස්ථාව නොදී 76 වැනි නිදහස සැමරීම විහිලු‍වක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාර්ගගත සුරක්ෂිතභාවය කියා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ, දේශපාලනය කිරීමේ, අදහසක් දැරීමේ අයිතිය වාරණය කර ඇති බවත් එය නිදහස නොවන බවත් බංකොලොත් ලංකාව තුළ මේ මොහොතේ පවා හොරකම් සිදුවන බවත් ඖෂධ රැසකින් ඇමැතිවරුන්, බලධාරීන් හොරා කා බාල බෙහෙත් ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා කීය.

නිදහස් උත්සවයට වියදම් කළ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් පාසල් දියුණු කරන්න යෙදවීමට හැකියාව තිබුණත් රජය එවැනි දෙයක් සිදු නොකළ බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජීවත් වීමේ අයිතිය සුරකින බවත් ඒ සදහා ගත හැකි දැවැන්ත එඩිතර පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ(05) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ අනුරාධපුර නොච්චියාගම විද්‍යාර්ථ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

අනෙකුත් පක්ෂ නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ 2024 දී පවා ජනතාව අන්දවා මන්දිර දේශපාලනයේ නිරත වී රජමැදුරුවල සැප විඳීමට වුවත් සමගි ජන බලවේග රජයක් තුළ රටේ ඇති මන්දිර ඉංග්‍රීසි භාෂාවෙන් නවීන තාක්ෂණය උගන්වන මහා දැවැන්ත විශ්වවිද්‍යාල ද්විත්වයක් බවට පරිවර්තනය කරන බවත් එම නිසා මන්දිර සිහින තබා නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. භාෂාව කේන්ද්‍ර කරගෙන දේශපාලය කළ කාලය නතර කරන ලෙසත් රටේ පාසල් දූදරුවන් 41 ලක්ෂයට ඉහළ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලබාදෙන්න කටයුතු කළ යුතු බවත් ජාති ආගම් කුල ගෝත්‍ර කේන්ද්‍ර කර ගත් දේශපාලන සටන් පාඨවල ප්‍රාණ ඇපකරුවකු කර නොගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත් කළ රටක කියන දේවල් කල හැකිද කියා සමහරකුට ගැටලු‍වක් ඇත් නම් එම ප්‍රශ්න විපක්ෂයේ සිටින දේශපාලන

නායකයන්ගෙන් අසන ලෙසත් තමාගෙන් නොඅසන ලෙසත් සෙසු අය හොඳටම කරනවා කිව්වට කවුරුත් හොඳටම කළේ නැති වුවත් බලයක් නොමැතිව ළමුන් වෙනුවෙන් හොඳටම කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment