පවිත්‍රා – තොණ්ඩමන් කැබිනට් එකට

62

අමරවීරගේ වනජීවී හා වන සම්පත් පවිත්‍රාට
කෙහෙළියගේ ජලසම්පාදන තොණ්ඩමන්ට

වත්මන් රජයේ නව කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (19දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්‍ෂණ කැබිනට් ඇමැති ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

පවිත්‍රා - තොණ්ඩමන් කැබිනට් එකට

ධූරය මෙතෙක් හිමිව තිබුණේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාටය. ජල සම්පාදන කැබිනට් ඇමැති ධුරය සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට හිමිව තිබුණි. ඒ අනුව නව කැබිනට් සංශෝධනයට අනුව මහින්ද අමරවීර මහතාට කෘෂිකර්ම ඇමැති ධුරය පමණක් හිමිව ඇති අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය ඇමැති ධුරය පමණක් හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment