නිහඬ සෙවනැලිවලින් යළි සිනමාහල් හැඩ වෙයි

301

කාලයක් තිස්සේ නිහඬවම බලා උන් ලාංකේය පේ‍්‍රක්ෂකාගාරයට සුබ ආරංචියක් ගෙනෙමින් කොවිඞ් සිව්වන රැුල්ලෙන් පසුව සිනමා ශාලා යළිත් විවෘත කිරීමට අවසර ලැබී තිබේ. ඒ අනුව මූලික අදියරේදී තෝරාගත් චිත‍්‍රපට තිස් තුනක් ප‍්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත. ඒත් සමඟ මෙම මස එකොලොස් වෙනිදා ෑ්ඡු මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු සිනමා ශාලා රැුසකදී නිහඬ සෙවනැලි ප‍්‍රර්ශනය කිරීමට සූදානම් කර තිබෙන මොහොතක ඒ සම්බන්ධයෙන් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ සුනිල් පේ‍්‍රමරත්න මහතා මෙලෙස අදහස් දැක්වීය.

පසුගිය අගෝස්තු 19 වැනිදා නිහඬ සෙවනැලි ප‍්‍රදර්ශනය කරන්න සියලූ කටයුතු සූදානම් කරලා තිබුණත් නැවත රට වසා දැමීමත් එක්ක අපිට ඒ තීරණය වෙනස් කරන්න වුණා. සිනමාව කියලා කියන්නේ සුවිශේෂී කලාවක්. ඒ නිසා කොහොම හරි මේ සිනමා කර්මාන්තය ආරක්ෂා කර ගත යුතුයි. යළිත් සිනමා ශාලා විවෘත කිරීමට ගත් තීරණයත් එක්ක අපි එකොළොස් වැනිදා නිහඬ සෙවනැලි ප‍්‍රදර්ශනය කරන්න සූදානම් කරලා තියෙනවා ”

තාරුණ්‍ය ඉලක්ක කරගත් මෙම චිත‍්‍රපටය අද්භූත චිත‍්‍රපටයක් ලෙස හැඳින්වුවද මේ නිර්මාණය හරහා ‘වන විනාශය නවතා දැමිය යුතුයි. යන වටිනා පණිවුඩය සමාජයට ලබා දීමට උත්සාහ දරා ඇත. එවැනි ආදර්ශයක් අද්භූත චිත‍්‍රපටයක් හරහා සමාජගත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා වන සුනිල් පේ‍්‍රමරත්න මෙලෙසින් අදහස් ඉදිරිපත් කළේය.

නිහඬ සෙවනැලිවලින් යළි සිනමාහල් හැඩ වෙයි



ඉස්සර තමයි හොල්මන් චිත‍්‍රපට කිව්වහම භීතියක් ඇති වුණේ. හැබැයි දැන් කුඩා ළමයි පවා මේ නිර්මාණ රසවිඳිනවා. ඒ නිසා අනිවාර්යෙන්ම නිහඬ සෙවනැලි පේ‍්‍රක්ෂකයින් ආදරයෙන් වැළඳ ගනීවි කියලා හිතනවා.මගේ පළවෙනි චිත‍්‍රපටය ටවුමේ ඉස්කෝලේ” කියන ළමා චිත‍්‍රපටය. දෙවැනි චිත‍්‍රපටය වැලි පවුරු පවුලේ සැම වෙනුවෙන් කරපු නිර්මාණයක්. තුන්වෙනි නිර්මාණය වෙනස් විදිහකට කරන්න මට ඕනෑවුණා. ඒ නිසා තමයි වැදගත් පණිවිඩයක් එක්ක මේ වගේ අද්භූත චිත‍්‍රපටයක් නිර්මාණය කළේ.

සුනිල් පේ‍්‍රමරත්න සහ හරිත් වාසලගේ පිටපතක් වන නිහඬ සෙවනැලි නිෂ්පාදනය ජානක රංචාගොඩ සිදු කර තිබේ. බණ්ඩාර ඇහැළියගොඩ” හරිත් වාසල” සුසන්ත ධර්මප‍්‍රිය යන පිරිස ගී පද රචනා කර ඇති අතර විශාරද එඞ්වඞ් ජයකොඩි සහ මිහිඳු ආරියරත්නගේ හඬින් නිහඬ සෙවනැලි හැඩ වේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය දර්ශන වික‍්‍රමතුංගයන්ගෙනි.

පුබුදු චතුරංග” රොෂාන් රණවන” කුමාර තිරිමාදුර” මීනා කුමාරි” තාරුකා වන්නිආරච්චි” මාෂි සිරිවර්ධන” ධනංජි තාරුකා” හරිත් වාසල” සරත් චන්ද්‍රසිරි” අජිත් වීරසිංහ” කුමාර වඳුරැුස්ස” සඳුන් බණ්ඩාර” යොහානි හංසිකා යන දක්ෂ” ප‍්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැුසකගේ රංගනයෙන් නිහඬ සෙවනැලි වර්ණ ගැන්වේ.



නිරෝෂා වාසල

ඡායාරූප-උපුල් නිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment