දුව සමග පෙම්කළ උසස් පෙළ සිසුවාට අම්මා කතුරින් ඇනලා

715

සිසුවා රෝහලේ – මව අත්අඩංගුවට

තම දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතැයි කී දහනව හැවිරිදි සිසුවාට දියණියගේ මව විසින් තියුණු කතුරකින් ඇන තුවාලකොට ඇති පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගිනිගත්හේන නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී පෙරේදා (12 දා) උදේ සිසුවියත්, ඇයගේ මවත්, සිසුවාත් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ගිනිගත්හෙන පොලිසිය පවසයි.

කතුරකින් ඇනීමෙන් තුවාල ලබා ඇත්තේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුට කතුරකින් ඇන තුවාල කරන ලද කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලත් සිසුවා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා

ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment