කසාදයට හදිසි වෙන්න හොඳ නෑ…

208

ක්‍ෂේත්‍රයේ ඉන්නකොටමයි එයාව හම්බ වුණේ
ගීත්මා බණ්ඩාර හරි බිසීලු

පුංචි තිරය ඔස්සේ ඔබේ ඇස් මානයට එන ළගන්නාසුලු සිනහවකින් මුව සරසා ගත් හුරුබුරුටි” දඟකාර”හැඩකාර හැමෝම මේ දිනවල ආශාවෙන් නරඹන ටෙලිකතා ගණනාවකම ප්‍රධාන චරිතයට පණ පොවන ඇය ගීත්මා බණ්ඩාරයි. මේ දිනවල හැමෝගෙම ආදරය දිනාගනිමින් බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන ගීත්මා ඇයගේ කලා ලෝකයේ තොරතුරු බෙදා හදාගන්නට මෙවර මීවිතත් සමග සුහද කතාබහකට එක් වුණා.

ගීත්මා මේ දවස්වල අලුත් තොරතුරු මොනව ද?

මේ දවස්වල මම ටෙලිනාට්‍ය හතරකට රංගනයෙන් දායක වෙනවා. ඒ හතරෙම ප්‍රධාන චරිතය තමයි නිරූපණය කරන්නේ. ඒ චරිත හතරට ම මම හරිම ආදරෙයි. ඒ චරිත හතර ම මතක් කළොත් සියත නාලිකාවේ “විදූ”” හිරු නාලිකාවේ “සංසාරිණී”” සිරස නාලිකාවේ “සූර්ය වංශය” සහ දෙරණ නාලිකාවේ “ සංගීතය”. ඊටත් අමතරව දෙරණ චැම්පියන් ස්ටාර් එකේ නිවේදන කටයුතුත් කරනවා. ඉතින් මේ දවස්වල ඒ වැඩ ටික කරගෙන ඉන්නවා.

කසාදයට හදිසි වෙන්න හොඳ නෑ…

මේ අතරින් ගීත්මා ආසම කරන චරිතය ගැන කිව්වොත්?

මේ දවස්වල නම් මම සංසාරිණී නාට්‍යයේ අනගිගේ චරිතයත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා” සංවේදීවෙලා ඉන්නේ. මොකද ඒ නාට්‍ය ඇතුළේ ගොඩක් දේවල් කරන්න තියෙනව” ගොඩක් අභියෝග තියෙනවා. අනගිගේ ජීවිත කතාව ගොඩක් අභියෝග” හැලහැප්පීම් එක්ක ගලාගෙන යන නිසා අනගිගේ චරිතය මට ගොඩක් දැනෙනවා. ඒ වගේම කියන්න ඕනේ විදූ කියන චරිතයත් මගේ ජීවිතේට අලුත් අත්දැකීමක්. වැඩිය කතා බහක් නැති විදූගේ චරිතය තුළ මටත් කුතුහලයක් තියෙනවා විදූ කොහොම කෙනෙක් ද කියන එක ගැන. කොහොම නමුත් මේ චරිත හතරටම මම හරිම ආදරෙයි කිව්වොත් නිවැරදියි.

මේ චරිත හතර ගත්තම ගීත්මට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයට ද?

තවමත් හොඳට ම”වැඩිපුර ම ප්‍රතිචාර ලැබෙන්නේ නම් සංගීතේ අසනිට තමයි. ඒ වගේම සංසාරිණී නාට්‍යයේ අනගිටත් මේ වෙනකොට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

දිගට ම රංගනයේ යෙදෙන්න ද කැමැත්ත?

ඔව්. දැන් මගේ වෘත්තිය විදිහට මම රංගනය තෝරා ගෙන ඉවරයි. මම හිතන්නේ මිනිස්සු ඉපදෙන්නේ මොකක් හරි දෙයක් වෙනුවෙන්නේ. ඉතින් අපේ ජීවිතෙත් දෛවය විසින් කැරකිලා කොහොම හරි උරුමදේ අවසානයේ ලබාදෙනවා. ඒ විදිහට මගේ දෛවය මට තෝරලා දුන්නේ රංගනය. ඉතින් මම මගේ ජීවිත කාලේම වෘත්තීය විදියට රංගනය තෝරගන්නවා.

කසාදයට හදිසි වෙන්න හොඳ නෑ…

ගීත්මා හිතනවද රංගනය විතරක් කරලා ජීවත් වෙන්න පුළුවන් කියලා.

ඔව්. ඒක මෙහෙමයි” වෘත්තියක් විදිහට කලාව තෝරගත්තම ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි තවත් රැකියාවක් කරන්නෙ නැද්ද කියලා. ඕනම කෙනෙක් එක රැකියාවක් තෝරගත්තොත් ඒකම නේද කරන්නෙ. ඉතින් ජීවිතේ ඒකාකාරී බවින් මිදිලා” මට ඕන විදිහට සල්ලි හම්බ කරගෙන” හරි මූල්‍ය කළමනාකරණයක් කරගෙන ඉදිරියට ම ගියොත් මම හිතෙනවා මගේ ජීවිතේ හැමදාමත් සතුටින් ඉන්න රංගන වෘත්තිය හොඳටම ප්‍රමාණවත් කියලා.

ෂූටින්වලට කාර්යබහුල වුණාම ජීවිතේ බෝරිං කියලා හිතෙන්නේ නැද්ද?

අනේ නැහැ. ඇත්තට ම ෂූටින් නිසා ජීවිතේ දවසින් දවස අලුත් වෙනවා. ෂූටින්වලදි මට සාමාන්‍යයෙන් දවසකට බොහෝ පිරිසක් මුණ ගැහෙනවා. ඒ හැමෝම එක්ක කතා කරන්න මාතෘකා තියෙනවා. හැමෝම එක්ක බෙදා හදා ගන්න දේවල් තියෙනවා. අලුතින් කරන්න දේවල් වගේම අභියෝගාත්මක දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ නැහැ” මට ෂූටිං කියන දේ බෝරිං කියලා. කාර්යබහුලයි මහන්සි තමයි ර්‍ණ ඉතින් සමහර දවස් තියෙනවා පැය දෙකක් වත් නිදා ගන්නේ නැති. ඒ වුණත් සෙට් එකට ගියාම සමහර වෙලාවට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් ෂූටින් නිසා ජීවිතේ දවසින් දවස අලුත් වෙනවා”වෙනස් වෙනවා කියලා මට දැනෙනවා.

මේ වෙනකොට අධ්‍යාපන කටයුතුවල නිරතවෙලා අවසන් ද ?

මම මෑතක් වෙනකම්ම අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වුණා. මොකද ගෑනු ළමයෙක් විදියට අධ්‍යාපනය කියන්නේ ආභරණයක්. විශේෂයෙන්ම රංගන ශිල්පිනියකට ආභරණයක්. මොකද හුඟක් වෙලාවට බොහෝ අය චෝදනා කරනවානේ රංගන ශිල්පිනියක් ඉගෙනගෙන නෙවෙයි ඇවිත් තියෙන්නේ” මෙයාලට කරන්න දෙයක් නැතිකමට මේ ක්ෂේත්‍ර තෝරගෙන තියෙනවා කියලා. ක්ෂේත්‍රයේ ඇතැම් අය නිසා හැමෝට ම පොදුවේ ඒ චෝදනාව එල්ල වෙනවා. ඉතින් මට හිතෙනවා මම තව දෙයක් පසුපස හඹාගෙන යනවට වඩා මම තෝර ගනිපු විෂයේ මම ඉගෙනගන්න එක මට හොඳයි කියලා.

ගීත්මා සිනමාවට ඇරයුම් ලැබුණෙ නැද්ද?

සිනමාවට ආරාධනා ලැබෙනවා” නමුත් මට ගැළපෙන නිර්මාණයකට මේ වෙනකම් ආරාධනා ලැබුණේ නැහැ. ඒ වගේම මම හිතනවා පුංචි තිරය ඇතුළේ ඊට වඩා ලොකු දෙයක් කරන්න කාලය තියෙනවා කියලා. ඒ නිසා සිනමාව ද පුංචි තිරය ද කියලා ඇහුවොත් මම පුංචි තිරය තමයි තෝරගන්නෙ.

පෙම්වතා විරුද්ධ වෙන්නෙ නැද්ද රංගන ක්ෂේත්‍රයේ ඉන්නවට?

මම රංගන ක්ෂේත්‍රයේ ඉන්දෙද්දිමයි මට එයාව මුණගැහෙන්නේ. අපි දෙන්න ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ හරිම අවබෝධයකින් එයා මාත් එක්ක ඉන්නවා. හැම චරිතයක් ගැනම අවබෝධයෙන්” බුද්ධිමත්ව එයාගේ පැත්තෙන් ඉටු වෙන්න පුළුවන් හැම වගකීමක්ම ඕනෙවටත් වඩා වැඩියෙන් ඉෂ්ට කරල හැම වෙලාවෙම මට උදව් කරනවා. මම හිතනවා කවදාවත්ම මට එයාගෙන් මගේ ක්ෂේත්‍රයට බාධාවක් වෙන්නේ නැති වෙයි කියලා.

ගීත්මගේ විවාහයත් ළඟදීම වෙනවා නේද?

අනේ” දැන්ම විවාහ වෙන්න නම් බලාපොරොත්තුවක් නැහැ. ඇත්තටම තව කල් තියෙනවා කියලා හිතනවා. අපි දෙන්නම දෙන්නගෙ ක්ෂේත්‍රයන්වල ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා ලස්සන ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා විවාහයට හදිසි වෙන්න හොඳ නෑ කියලා අපි දෙන්නම හිතනවා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment