විල්සන්ගේ කතුරෙනුයි – සැම්සන්ගේ කතුරෙනුයි – හෝල් හවුස් ෆුල් කරයි

125

ප්‍රතිචාරවලට උත්තර දෙන්න ගිහිල්ලා දැන් විශාල කරදරයක් වෙලා
තවම මහන්සිවෙලා වැඩක් කරන්න අමාරුයි – ගිරිරාජ් කෞෂල්‍ය

සිනමාවට අලුත්ම බලාපොරොත්තුවක් එකතු කරපු චිත්‍රපටයක් තමයි ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ණය කළ කතුරු මිතුරු සිනමා නිර්මාණය. සිනමාවට අලුත් බලාපොරොත්තුවක් එකතු කරමින් සිනමා ශාලා හවුස් ෆුල් කරපු සිනමාශාලා ඉදිරියේ යළිත් පෝලිම් ක්‍රමයක් ඇති කරපු ගිරා එහෙමත් නැතිනම් ගිරිරාජ් එක්ක පුංචි සංවාදයක යෙදුණා. මොකද කතුරු මිතුරු පසුගියදාට දින පනහ සපිරීමත් එක්කම.

විල්සන්ගේ කතුරෙනුයි - සැම්සන්ගේ කතුරෙනුයි - හෝල් හවුස් ෆුල් කරයි

කතුරු මිතුරු චිත්‍රපටය පසුගිය සඳුදා දින 50 සපිරුවා. ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

අති විශිෂ්ඨයි. ප්‍රතිචාරවලට උත්තර දෙන්න ගිහිල්ලා දැන් විශාල කරදරයක් වෙලා තියෙන්නේ. ඇත්තටම මමවත් හිතුවේ නැහැ මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි කියලා. ජනතාව මේ තරම් ආදරය කරලා චිත්‍රපටය හතර පස් වතාවක් නරඹයි කියලා හිතුවේ නෑ. ඉස්සෙල්ලාම ගෙදරක ස්වාමිපුරුෂයා බලන්න යනවා. ඊට පස්සේ එයාට මේක හොඳයි කියලා හිතුනහම නෝනාව එක්කගෙන යනවා. ඊට පස්සේ දෙන්නටම හොඳයි කියලා හිතුණහම එක්කෝ අම්මලා තාත්තාලා නැතිනම් දරුවෝ එක්කගෙන යනවා. සියලු දෙනාටම තේරිලා තියෙනවා පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටයක් කියලා. ඉතිං ඒවාට ආසා කරන කට්ටිය සමහර වෙලාවට තුන් පාරක් බලපු අයත් ඉන්නවා.

විල්සන්ගේ කතුරෙනුයි - සැම්සන්ගේ කතුරෙනුයි - හෝල් හවුස් ෆුල් කරයි

වර්තමානයේ ගොඩක් අය කිව්වේ සිංහල චිත්‍රපට බලන්න සෙනඟ නැහැ කියලා. කතුරු මිතුරු හින්දා හෝල්වල පෝලිම් වගේම හවුස් ෆුල් බෝඩ් එක ඉස්සරහ තියන්න පටන් අරගෙන ?

මම හිතන්නේ මෙහෙමයි. විවිධ චිත්‍රපට අංග තියෙනවා. මම නම් කලාත්මක, හාස්‍ය. වාණීජමය චිත්‍රපට කියලා වර්ගීකරණය කරන්නේ නැහැ. චිත්‍රපට නම් ඔක්කොම චිත්‍රපට. ඉතිං ඒ නිසා මේ හැම එකක්ම මේ කර්මාන්තය ඉදිරියට යන්න පුළුවන් විදිහට නිර්මාණය වෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට තමයි නිර්මාණකරුවෙක්ට නිෂ්පාදකවරයෙක්ව ගොඩදාන්න පුළුවන්. අනික මිනිස්සුන්ට යමක් ලබාදෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳ නිර්මාණයක් වෙන්නේ.

විල්සන්ගේ කතුරෙනුයි - සැම්සන්ගේ කතුරෙනුයි - හෝල් හවුස් ෆුල් කරයි

ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි ගිරා නිෂ්පාදකවරු ගොඩදාපු අධ්‍යක්ෂවරයෙක් කියලත් ?

ඔව්. ඉතිං ඉතිහාසයේ ඉඳන් බලපුවහම සිකුරු හතේ, සුහද කොකා ඇතුළු චිත්‍රපට ලාභයක් ලැබුවානේ. දැනටත් කතුරු මිතුරු චිත්‍රපටය ලාභයක් ලැබුවානේ. එහෙම තමයි වෙන්න ඕනෑ. අපි නිර්මාණකරුවෝ හැටියට ඊළඟ චිත්‍රපටය අපිට හම්බවෙනවාද? නැතිද? කියන එක නෙමෙයි ප්‍රශ්නය. ඊළඟ චිත්‍රපටය කවුරු හරි කරාවි. නිෂ්පාදකවරයා ගොඩගියොත් අපිටත් ඒකේ රඟපාන්න හරි අවස්ථාවක් හම්බවෙනවානේ. ඉතිං මේ චිත්‍රපටයේ නිෂ්පාදක බාසුරු සිරිවර්ධන මහත්මයාත් චිත්‍රපටය කරන කාලේ ඉතාම සතුටුයි කියන්න මට ඕනෑ විදිහට චිත්‍රපටය කරන්න දුන්නා. කිසිදු ඇඟිලි ගැසීමකින් තොරව සම්පූර්ණ සහයෝගය ලබාදුන්නා. ඒක තමයි මේ චිත්‍රපටය මේ තරම් දුරට සාර්ථක වෙන්න හේතුව කියලයි මම හිතන්නේ.

විල්සන්ගේ කතුරෙනුයි - සැම්සන්ගේ කතුරෙනුයි - හෝල් හවුස් ෆුල් කරයි

සිනමාශාලා ඉදිරියේ පෝලිම් දකිනකොට මොනව ගේ හැඟීමක්ද ආවේ ?

මගේ අසනීප තත්ත්වයත් එක්ක එළියට යනවා හරි අඩුයි. මට ඉතිං සමහරු ෆොටෝ එවනවා, කතා කරලා කියනවා. වීඩියෝ එවනවා. ඉතිං ගොඩක් දෙනෙක් කියන්නේ අර හෝල් එකට ගියා හවුස් ෆුල්, මේකට ගියා ඒකත් හවුස් ෆුල්. අරෙහෙ හෝල් එකට ගියා ඒකත් හවුස් ෆුල්, බැරිම තැන අපි මේ ගෙදර යනවා කියලා කෝල් එනවා. ප්‍රථම වතාවට චිත්‍රපටයක් බලන්න ඇවිල්ලා චිත්‍රපටය නොබලා ගෙදර යනවා කියලත් කියනවා. චිත්‍රපටයේ දින පනහ පැනලත් එහෙම වෙනවා කියන්නේ ඒක ලෝක පුදුමයක්. දින පනහ වෙනකොට සාමාන්‍යයෙන් මේක බලන්න ඕනෑ කට්ටිය මේක නරඹලා ඉවරයිනේ. ඉතිං කතුරු මිතුරු චිත්‍රපටය තවමත් ඉදිරියට දුවනවා.

විල්සන්ගේ කතුරෙනුයි - සැම්සන්ගේ කතුරෙනුයි - හෝල් හවුස් ෆුල් කරයි

මේ චිත්‍රපටය එළියට දැම්මේ නියම වෙලාවේ කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම. කලින් හදිසි වෙලා කළා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මේක මුලින් තිරගත කරන්න හදපු හැම වෙලාවකම රටේ ප්‍රශ්න ඇතිවුණානේ. දැන් චිත්‍රපටයක් බලන්න පුළුවන් මානසිකත්වයක් රටේ හැදිලා තියෙනවා. ඉදිරියටත් තව චිත්‍රපට ගණනාවක් එන්න තියෙනවා.

මේක ජපානයේත් පෙන්වනවා. ජපානයේ ප්‍රධාන ශාලාවක සිංහල චිත්‍රපටයක් පෙන්වන්නෙ පළමු වතාවට. ඒකෙත් ටිකට්පත් අලෙවි වී අවසන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජපානයේත් හවුස් ෆුල්. ඒක තවත් ලොකු සතුටක්. මේ ලැබෙන තොරතුරු අනුවයි මේක කතාව මාත් කිව්වේ. ජපානයේ වෙසෙන අයත් මාත් එක්ක කිව්වේ ජපානයේ රූගත කරපු චිත්‍රපටවලටත් මේ වගේ ප්‍රතිචාර ලැබිලා නැහැ කියලයි.

විල්සන්ගේ කතුරෙනුයි - සැම්සන්ගේ කතුරෙනුයි - හෝල් හවුස් ෆුල් කරයි

සිනමාශාලා හිමියෝ ඔබට කතා කරලා මොනවද කියන්නේ ?

මට ගොඩක් දෙනෙක් කතා කරලා සුභපතනවා. ඒගොල්ලෝ කියන්නේ තව එකක් කරන්න තව එකක් කරන්න කියලයි. සිනමාශාලා හිමියනුත් පසුගිය කාලයේ ආදායම් පැත්තෙන් ටිකක් අඩුවෙනුයිනේ හිටියේ. ඉතිං එතකොට මේ වගේ චිත්‍රපටයක් මේ විදිහට තිරගත වෙනකොට සිනමාශාලාව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවානේ. මොකද ඉස්සර ඒ ගොල්ලන්ට ඒක කරගන්න බැරිවෙලානේ තිබුණේ. මොකද චිත්‍රපටවලින් ඒ තරම් ලාභයක් ලැබෙන්නේ නැති නිසා. ඉතිං මේ චිත්‍රපටයෙන් කැන්ටිමේ ලාභයත් අලුත් වුණා.

තව චිත්‍රපටයක් කරන්න මේ වෙලාවේ අදහසක් නැතිද?

දැනට නම් නැහැ. මොකද මම මගේ අසනීප ගති ටික පහව යනකම් බලාගෙන ඉන්නවා.

විල්සන්ගේ කතුරෙනුයි - සැම්සන්ගේ කතුරෙනුයි - හෝල් හවුස් ෆුල් කරයි

නිෂ්පාදක බාසුරු සිරිවර්ධන මේ වෙලාවේ මොනවාද කියන්නේ ?

එයා නම් කියන්නේ අයියේ ඊළඟ එක ලියන්න පටන් ගන්න කියලයි. ඉතිං එහෙම කිව්වත් ලියැවෙන්නේ නැහැනේ. විශේෂයෙන් කොමඩි කියන එක එහෙම ලියන්නත් අමාරුයිනේ. මම සිකුරු හතේ පිටපත ලියලා අවුරුදු ගාණකට පසුවයි සුහද කොකා ලියන්නේ. ඊළඟට සුහද කොකා ලියලා අවුරුදු ගාණකට පසුවයි කතුරු මිතුරු ලියන්නේ. ඒවාටත් පොඩි කාලයක් ඕනෑ. හිත් ඇතුළේ ඒවා පැහැව පැහැව තිබිලා නිර්මාණශීලී වෙලා මොනවා හරි කරුණු ටිකක් එකතු වෙලා අත්දැකීම් එකතුවෙලා තමයි අලුත් නිර්මාණයකට යන්න පුළුවන් වෙන්නේ.

අපේ රටේ සිනමා කර්මාන්තය ගැන මොකද හිතන්නේ ?

මම මුලින්ම සිකුරු හතේ කරනකොට මගේ නිෂ්පාදකවරයා වුණේ අනුරාධ බී රැකව ඇතුළු නිව් ඉම්පීරියල් ටෝකිඩ් කියන ආයතනය. ඒ ගොල්ලෝ මුල් කාලයේ ලංකාවට ඉංග්‍රීසි චිත්‍රපට එහෙම ගෙනැල්ලා ටෙන්ට් ගහලා පෙන්වපු කට්ටියක්. ඊළඟට සුහද කොකා චිත්‍රපටය. ඒකත් රවීන්ද්‍ර ගුරුගේ මහත්මයා තමයි ටීවීටී ආයතනය වෙනුවෙන් නිෂ්පාදනය කළේ. ඉතිං ඔහුටත් චිත්‍රපට වෙළෙඳාම සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙනවා. චිත්‍රපටයක් සමාජගත කරන්න තිරගත කරන්න මොන කාලේද කියලත් ඔහු දන්නවා. බාසුරුගේ තාත්තාත් චිත්‍රපට දහයක් විතර කරලා තියෙනවා. මගේ තුන්වැනි චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ඔහුගේ පුත් බාසුරු. තාත්තා ගේ චිත්‍රපට හැම එකකම බාසුරත් කොනක ඉඳලා තියෙනවා. ඉතිං ඔහුටත් මේ කර්මාන්තය ගැන අත්දැකීම් ඇති.

මේ දිනවල මොනවාද කරන්නේ ?

මේ දවස්වල නම් මොනවාත් කරන්නේ නැහැ. ගෙදරට වෙලා විවේකීව ඉන්නවා. මට වැඩිය මහන්සිවෙන්න එපා කියලයි තියෙන්නේ මගේ වෛද්‍යවරු. ඉතිං වෛද්‍යවරුන්ගේ අවවාද අනුශාසනා තුළ තමයි මේ දිනවල ජීවත්වෙන්නේ. මට තවම හරියට මහන්සිවෙලා වැඩක් කරන්න අමාරුයි. ඒ නිසා අපි ටික කාලයක් බලාගෙන ඉමු කියලයි කියන්න තියෙන්නේ.

මේ චිත්‍රපටය රංගනයෙන් දායක වුණු නළු නිළියන් අද වෙනකොට මොනවාද කියන්නේ ?

මනෝ අයියා ගැන කියලා වැඩක් නැහැ. මොකද එතුමා ජීවතුන් අතර නැහැ. මනෝ අයියා උපරිම විදිහට මේ සඳහා රංගනයෙන් දායක වුණා. ඉතිං හැමෝම කතා කරනකොට මනෝ අයියා ගැන කියලා තමයි කතා කරන්නේ. හොඳට හිනාවෙවී කරපු චිත්‍රපටයක් කියලා තමයි කට්ටියම කියන්නේ. ප්‍රියන්ත, රොඩ්නි, මනෝ අයියටයි මහේන්ද්‍රටයි ඇරෙන්න අනෙක් අය ඔක්කෝමට එක දවසයි ෂූටින් වැටිලා තිබුණේ. ඉතිං ඒක හින්දා අනෙක් අයට මතභේදයක් හැදෙන්න කාලයක් තිබුණෙත් නැහැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment