මගේ පීක්ම කාලේ වසංගත රැල්ලකට හසුවුණා – ඉරේෂා අසංකි ද සිල්වා

195

නිරූපිකාවක්, රූ රැජනක් ලෙසින් ක්‍ෂේත්‍රයට පිවිසි ඇය රෂ් සිනමා නිර්මාණය හරහා සිනමාවට ද පිවිසුණා. ඔය අතරෙ ඇය ටෙලි නාට්‍ය රංගනයට ද එකතු වූවා. පසුගිය දවස්වල ඇය රංගනයෙන් දායක වුණු “යුගාත්‍රා” චිත්‍රපටය තිරගත වුණා. මේ දිනවල ඇය මොනවද කරන්නෙ. ඇය නමින් ඉරේෂා අසංකි ද සිල්වා. මේ ඉරේෂාගේ හඬයි.

ඉරේෂා මොකද වෙන්නේ?

මේ දවස්වල ළඟදි අලුතෙන් වැඩක් කළේ නැහැ. හැබැයි කලින් රූගත කරපු ‘ජිගලෝ’ කියන චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වූවා. මම හිතන්නේ ඒ චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් මාසයේදී තිරගත වේවි. තව මීට මාස දෙක තුනකට කලින් චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා.

ජිගලෝ ගැන කතා කළොත්?

‘ජිගලෝ’ උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණයක් මෙහි මම රඟපාන්නේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. මෙහි රංගනයෙන් දායක වෙනවා නීටා ප්‍රනාන්දු, රැක්ස් සෙනවිරත්න, ඩිල්රුෆා ෂනාස්, ජනක කුඹුකගේ වැනි ප්‍රවීණයන්.

මගේ පීක්ම කාලේ වසංගත රැල්ලකට හසුවුණා - ඉරේෂා අසංකි ද සිල්වා

දැන් නර්තනයෙන් ඈත්වෙලා ද?

නර්තනය කියලා මම ඇත්තටම වෙනමම හැදෑරුවේ නැහැ. රියැලිටි වැඩසටහනක ඉන්න කාලෙ නර්තනය එක දිගට සිදු කෙරුණා. නර්තනය දිගටම කරන්න ආශාවකුත් තියෙනවා. මේ තියෙන වැඩත් එක්ක සමහර වෙලාවට ඒක මඟහැරුණා.

වැඩිපුර ආරාධනා ලැබෙන්නේ සිනමාවටද? ටෙලිනාට්‍යවලටද?

ඒක මෙහෙමයි. මට ඉස්සර ඉඳලා අදටත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා.

ටෙලි නාට්‍යවල රඟපාන්න අකමැති ද?

රඟපාන්න අකමැත්තක් නැහැ. මම මූලිකත්වය ලබා දෙන්නේ සිනමාවට. හොඳ ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. කොටස් ගොඩක් තිබෙන වැඩවලට එච්චර කැමැත්තක් නැහැ. හොඳ කතාවක රඟපාන්න ආසාවක් තියෙනවා.

ඕනෑවට වැඩිය හිතන්න ගිහිල්ලා ලැබිච්ච වැඩ නැති වුණා?

ඔව්. ඇත්තටම ලැබිච්ච අවස්ථා නැති වුණා. ඒ නිර්මාණය සම්බන්ධව ඕනෑවට වැඩිය හිතන්න ගිහිල්ලා තමයි එහෙම සිද්ධ වුණේ. මම කරපුවට වැඩිය බෑ කිව්ව වැඩ තමයි වැඩියි.

දැන් හිතපු විදිහ වෙනස් කළා ද?

ඔව්. ඇත්තටම දැන් මම එදා හිතපු විදිහ වෙනස් කළා. දැන් මම හිතනවා විවිධ චරිත නිරූපණය කරන්න. මොකද අපි අකමැති දේවල් සමබරව පවත්වාගෙන වැඩ කරන්න ඕනෑ කියලයි හිතෙන්නේ. අනික මේක ලොකු ක්‍ෂේත්‍රයක් නෙමෙයිනේ. ලංකාවේ පොඩි කර්මාන්තයක් තියෙන්නේ. ඒක ඇතුළෙ අපි ආස දේවල් ලොකුවට හිතන්න ගියොත් අපිට මේක ඇතුළෙ වැඩ කරගෙන ඉන්න බැරි වෙනවා. ඒක හින්දා යන රැල්ලත් එක්ක ෂේප් එකේ යන්න වෙනව කියලයි මම හිතන්නේ.

ඉරේෂා ටිකක් ටෆ් චරිතයක් කියන්නේ?

එහෙම නැහැ. එහෙම නැහැ. මම එහෙම වස චරිතයක් නෙමෙයි. වසයි කියන්නෙ මට අසාධාරණයක් වුණොත් මම ඒ වෙනුවෙන් කතා කරනවා. ඒ ඇරෙන්න මම නපුරු චරිතයක් නෙමෙයි.

සිහින සැබෑවීම ගැන මොකද හිතන්නේ?

සතුටුයි. මගේ හීනය කාලයක් තිස්සෙ තිබිල, සැබෑ කරගන්න පුළුවන් වුණා කියන්නෙ ලොකු ජයග්‍රහණයක්නේ. මම මෙතැනට එන්න ගොඩක් මහන්සි වුණේ නැත්තෙත් නෑ. මගේ පළමු චිත්‍රපටය රෂ්.

හීන සැබෑ කරගන්න යනකොට කකුලෙන් ඇදපු කට්ටියත් හිටිය ද?

ගොඩක් වේලාවට මේ ක්‍ෂේත්‍රයේ සමහරු කියනවා තමන්ව කකුලෙන් අදිනවා කියලා. හැබැයි මගේ පැත්තෙන් එහෙම කතා කළොත් මාව එහෙම කකුලෙන් අදින්න තරම් කට්ටියට හම්බ වෙලා නැහැ. එහෙම වෙන්න ඇත්තේ මම එක්වරම මේ ක්‍ෂේත්‍රයට ආපු නැති හින්දා වෙන්න ඇති.

ඔබ මුලින්ම ආවෙ නිරූපණයට?

ඔව්. මම මුලින්ම ආවෙ නිරූපණයට. මගේ පළමු චිත්‍රපටයට කලින් මම ටෙලි නාට්‍ය තුනක විතර රඟපාල තිබුණා. චාමර ජනරාජ පීරිස්ගේ ටෙලිනාට්‍ය තුනක් එක්ක මම මේ ක්‍ෂේත්‍රයේ කිහිපදෙනෙක් දැන හඳුනාගෙන හිටියා. ඒකත් එක්ක මට ඇත්තටම කාගෙන්වත් බලපෑමක් නැහැ.

මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

මේ ආපු ගමන ගැන සෑහෙන සතුටුයි. සමහර හිතපු නැති දේවල් හම්බ වුණා. හිතපු දේවල් ළඟා කරගන්න බැරි වුණ අවස්ථාත් තියෙනවා. මම හිතන්නෙ ඒකට වාසනාව වගේම අවාසනාවන්ත තැනුත් තියෙනවා. මගේ පීක්ම කාලය තමයි රෂ් චිත්‍රපටය තිරගත වන කාලය. එතකොටම තමයි කොරෝනා වසංගතය ආවේ.

ඉරේෂාගේ පීක්ම කාලයේ වසංගතය ආවා එහෙමද?

ඔව්. මගේ පීක්ම කාලයේ අවුරුදු තුනක් හතරක් විතර එකක් ඉවර වෙනකොට එකක්. කොරෝනා වසංගතය, තෙල් අර්බුද, අරගලය, ආර්ථික අර්බුද කියන එක එක දේවල් සිද්ධ වුණා. ඒකත් එක්ක මට ගොඩක් දේවල් මඟහැරුණා. කරන්න හිටපු වැඩ නැවතුණා.

  • විලාසිතාවලට තියෙන නැඹුරුව?

නිරූපණ ශිල්පිනියක් විදිහට මම විලාසිතාවලට ගොඩක් කැමැතියි. හැබැයි ඒක මට ගැළපෙන විදිහත් එක්ක සහ මම යන එන තැන් බලල තමයි ඒ දේවල් සුදුසු විදිහට කරන්නේ.

  • ටැටූවලට අකමැතිද?

ටැටූස් ගහන්න පෞද්ගලිකවම මම කැමැති නැහැ. රංගනයේදී ටැටූ එකක් අපිට ලොකු අවාසියක් වෙන්නත් පුළුවන්. ඒ නැතත් මම පෞද්ගලිකවම ටැටූවලට කැමැති නෑ.

  • දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?

නිරූපණයේ නියැළෙනවා. ඒ කියන්නේ ෆොටෝ ෂූට්, බ්‍රයිඩ්ල් වගේ දේවල්. රෑම්ප් ෂෝස් මම වැඩිය කළේ නෑ. රෑම්ප් පැත්තට මම ඉස්සර තරම් ලොකු කැමැත්තක් නෑද කියලත් හිතෙනවා. ඉස්සර නම් හරි ආසයි. දැන් එහෙම ලොකුවට ෆුල් ටයිම් කරන්නෙ නෑ. හැබැයි නිරූපණය නිතරම කරලත් නෑ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment