කෝප් සභාපතිට කථානායක කතාකරයි

380

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව පැනනැඟී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව සිදුකරන කෝප් කමිටු රැස්වීමේ දී එහි සභාපතිවරයා තම පුතා එම කමිටුවට රැගෙන ඒම පිළිබඳව ඉදිරි දින දෙක තුන ඇතුළත සභාපතිවරයාගෙන් නිලවශයෙන් කරුණු විමසන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මහතා තම පුතා සිය රාජකාරි කටයුතු සඳහා රැගෙන පැමිණි බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් එහි වරදක් තමාට දකින්නට නැති බවත් කෙසේ වෙතත් එම සිද්ධිය පිළිබඳ කරුණු විමසීම වැදගත් බවත් කථානායක කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment