කොළඹ කලර් ලයිට් ළඟ යාචකයන් නිසා රියැදුරන්ට දුෂ්කරතා – ලංකා ඔටෝ මොබයිල් සංගමය

493

කොළඹ නගරයේ ආලෝක සංඥා පුවරු අසල යාචකයන් සහ වෙළෙඳුන් වාහන ගමනා ගමනයට බාධා කිරීම නිසා රියැදුරන් අනවශ්‍ය දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බව ලංකා ඔටෝ මොබයිල් සංගමය අවධාරණය කරයි.

මෙම යාචක පිරිස් හා වෙළෙඳුන් කරන බාධාකාර හැසිරීම් ගැන බලධාරීන් අවධානය යොමුකර ඔවුන් ඉවත් කර ලීමට පියවර ගත යුතු බවද එම සංගමය සඳහන් කර තිබේ.

එවැනි යාචක පිරිස් වෙත මුලදීම හෝ වෙළෙඳුන් වෙතින් භාණ්ඩ මිලදී ගැනීම නොකරන ලෙස මෝටර් රථ රියැදුරන් දැනුවත්වීම ඵලදායි වන්නක් බවත් එහිලා සුදුසු පුවරු හෝ අත්පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කරන බවත් එම සංගමය කියයි.

මෙම පිරිස් මෙහෙයවීම පසුපස සංවිධානාත්මක මාෆියාවක්ද සිටින බවද අනාවරණය වී තිබේ.

ඔවුන්ගේ නිවේදනයේ මෙසේද කියයි.

ලංකා ඔටෝ මොබයිල් සංමය විසින් මේ සඳහා ඉහළ පෙලේ නිලධාරින්ගෙන් යුත් කමිටුවක් කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ.

ලංකා මෝටර් රථ සංගමය පහසුකම් සපයන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ට සංසදයකට ආරාධනා කර ඇත. එමගින් කොළඹ නගරයේ ආලෝක සංඥා පුරවැ අසල යාචකයින් සහ වෙළෙඳුන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඔවුන්ගේ අදහස් ලබා ගත් බවද ඔටෝ මොබයිල් සංගමය කියයි. ලංකා ඔටෝ මොබයිල් සංගමය නියෝජනය කරමින් ප්‍රසන්න ද සොයිසා (අංශ සභාපති ගොඩනැගිලි, ආයතන හා පරිසර කළමනාකරණය) ආනන්ද දංගල්ල (උප සභාපති/අංශ සභාපති මූල්‍ය) වික්‍රම ආර්. පුංචිහේවා (අංශ සභාපති – නීති), හර්ෂ පඬුවාවල (විධායක කමිටු සාමාජික) ඇන්ටන් කන්දයියා (උපදේශක) සහ දේවප්‍රිය හෙට්ටිආරච්චි (ලේකම්) යන අය ඊට එක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment