උද්ධමනය පහළට

35

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 0.9ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් පෙබරවාරි මස එම උද්ධමනය සියයට 5.9ක් විය.

මාර්තු මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 3.8 දක්වා වැඩි වී ඇති අතර එය ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 3.5ක් විය. එසේම ආහාර නොවන උද්ධමනය සියයට ඍණ 0.5ක් දක්වා අඩු වී ඇති අතර එය ඉතුත් පෙබරවාරි මාසයේදී සියයට 0.7ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment