ඉතින් ආයුබෝවන් මහ රැජනියනි ගරු….

352

බි්‍රතාන්‍යයේ එළිසබෙත් රැජනගේ අවමංගල්‍යය ඊයේ (19 දා) දහවල් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලන්ඩන් නුවර ශුද්ධවූ ජෝර්ජ් දෙව්මැඳුරේදී සිදුවිය. බි්‍රතාන්‍ය ඉතිහාසයේ සිදුවූ විචිත්‍රම අවමඟුල් උත්සවය මෙයයි.

ඉතින් ආයුබෝවන් මහ රැජනියනි ගරු....

රාජ්‍ය නායකයෝ 1000 කට අධික පිරිසක් ඇගේ අවමඟුලට සහභාගි වූහ. අවමඟුල් කටයුතු බි්‍රතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ විය.

වෙස්ට්මිනිස්ටර් දෙව්මැඳුරේ සිට අවමඟුල් පෙරහැර දහවල් 11.01 ට ගමන් ආරම්භ කෙරුණේ ස්කොට් සහ අයි එස් රෙජිමේන්තුවල 200 ක් වූ තූර්ය වාදක කණ්ඩායම් සමගය.

ඉතින් ආයුබෝවන් මහ රැජනියනි ගරු....

අවමඟුල් උළෙලට පැමිණ නොසිටියේ සවුදි අරාබියාවේ සල්මාන් කුමරු පමණි.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් හා බිරිය වූ ජිල්, ප්‍රංශයේ මාර්කොස්, ජෝර්දානයේ ඔටුන්න හිමි හුසේන් කුමරු සහ රානියා කුමරිය, ස්පාඤ්ඤයේ පිලිප් රජු සහ ලෙටිසියා කුමරිය, ස්වීඩනයේ කාල් ගුස්මාන්, කටාරයේ එමිර් බට්න්, බින් අහමද්, බහරේන් එමීර්වරයා වූ හම්ද්, ඕමානයේ සුල්තාන් නයිටම් බින්, ඩුබායි රාජ්‍යයේ නායක අල්ටක්වුඩ්, ජපානයේ නරාගිතෝ අධිරාජ්‍යයා ඇතුළු රාජ්‍ය නායකයෝ විශාල පිරිසක් එළිසබෙත් රැජනගේ අවමඟුලට සහභාගි වූහ.

ඉතින් ආයුබෝවන් මහ රැජනියනි ගරු....

රටවල් 6කට මෙම අවමඟුලට ඇරයුම් කර නොතිබණි. රුසියාව සහ මියැන්මාරය ද එම රටවල් අතර වේ.

එළිසබෙත් රැජනගේ දේහය ශුද්ධවූ ජෝර්ජ් දෙව්මැඳුරේදී රාජකීය සොහොන් ගැබේ තැන්පත් කිරීමට පෙර මිනී පෙට්ටිය මත තිබූ ඔටුන්න ඉවත් කරනු ලැබේ.

ඉතින් ආයුබෝවන් මහ රැජනියනි ගරු....

කැන්ටබරියේ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අවමඟුල සිදුවූ අතර බි්‍රතාන්‍ය අගමැතිනි ලියා ට්‍රස් අවමංගල්‍ය සභාව ඇමතුවාය.

එළිසබෙත් රැජනගේ අවමඟුල් පෙරහැර ගමන් කරන මාර්ගයේ දෙපස බි්‍රතාන්‍ය නාවික සහ මැරින් භටයෝ රැඳී සිටියේ ඇයට ගෞරව දක්වනු සඳහාය.

මෙම රාජ්‍ය අවමඟුල් උත්සවයෙන් පසු පුද්ගලික අවමඟුල් උත්සවයක් ද පැවැත්විණි.

එළිසබෙත් රැජනගේ අවමඟුලට තම වෙඩි නොවදින බීස්ට් රථයෙන් වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත පැමිණීමට අවසර හිමිවූයේ ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ට පමණි.

අනිකුත් රාජ්‍ය නායකයන් ගෙන්වනු ලැබුවේ සුපිරි බස් රථ වලිනි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment