ගුරු විදුහල්පති වැටුප් ගැටලූව විසඳීමට දෙපාර්ශ්වයම මැද මාවතකට පිවිසිය යුතුයි – හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ්

90

* ගුරු විදුහල්පති වැටුප් ප‍්‍රශ්නය විසඳීමට එජාප ආණ්ඩුව මුදල් පවා වෙන් කළා

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව කඩිනමින් විසඳා ගැනීම සඳහා රජය මෙන්ම වෘත්තීය සමිති ද මැද ප‍්‍රතිපත්තියකට පැමිණිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ උප නායක, හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (13 දා) පැවසීය.

ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව විසඳීම සඳහා 2020 වසරේ සිට කටයුතු කිරීමට පැවැති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව මුදල් පවා වෙන්කර තිබූ බවද ඒ මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (13 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

මේ ආණ්ඩුව බලයට පැමිණිදා සිටම අකාර්යක්‍ෂම ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා සෑම අතින්ම අසාර්ථක වෙලා තිබෙනවා. කෘෂිකර්ම, සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු මොන අංශයකින් ගත්තත් අකාර්යක්‍ෂම බව පෙනී යනවා. මම අධ්‍යාපන ඇමැතිව සිටියදී ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම්දීම සඳහා 2018 කැබිනට් අනුමැතිය ලබාගෙන 2020 සිට ගෙවීමට 2019 මුදල් වෙන් කරගෙන තිබුණා. අපිට 2019 ගෙවන්න බැරිවුණේ සෑම රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළ නිසයි. ඒ වගේම අපේ කාලේ පෙට‍්‍රල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළා.

අධ්‍යාපනය ගත්තොත් දරුවන්ට සුරක්‍ෂා රක්‍ෂණ ක‍්‍රමය හඳුන්වා දුන්නා. දරුවන්ට ටැබ් පරිගණක ලබාදෙන්න මුදල් වෙන්කර සිටියා. හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා එය සිදුකර ගන්න බැරිවුණා. එදා ටැබ් පරිගණක දුන්නා නම් දරුවන්ට අවුරුදු තුනක පමණ කාලයකට අච්චු පොත් වෙනුවට එම ටැබ් පරිගණකය භාවිතයට ගත හැකි ලෙසයි අපි සැලසුම් කර තිබුණේ. මේ ආණ්ඩුව වැරැුදි හදාගෙන ඉදිරියට යනවා කියනවා. එහෙම කියනවා නම් ලංකා සතොස සුදු ලූනු වංචාවට නිසි විමර්ශනයක් සිදුකර ඒ කටයුතු ආරම්භ කරන්න කියලා කියනවා. විශේෂයෙන් කියන්න ඕන මේ ආණ්ඩුවට ගුරු වැටුප් විෂමතාවය ඇතුළු ගැටලූ රැුසකට යෙදවීමට මුදල් නැති වුණේ තමන්ගේ ගජ මිතුරන්ට සහන දීම නිසා බදු ආදායම අහිමිකරගත් නිසයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment