ජපානය, සිංගප්පූරුව හා නෙදර්ලන්තයත් නෙළුම් කුලුනට

676

කොළඹ නෙළුම් කුලුනේ මහල් කීපයක් බදු ගැනීම සඳහා විදේශීය සමාගම් තුනක් ඉදිරිපත් වී සිටින බව එහි සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා දිවයිනට පැවසීය.

ජපානය, සිංගප්පූරුව, නෙදර්ලන්තය යන රටවල්වල ආයතන මෙසේ ඉදිරිපත් වී සිටින බව ද හෙතෙම කීවේය.

මේ අතර නෙළුම් කුලුන ආරම්භ කළ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා රුපියල් මිලියන 207 ක ආදායමක් ඉපයූ බවද ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment