ගල්වල සිරිධම්ම හිමි නිදොස් කොට නිදහස්

464

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වල සිරිධම්ම හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28දා) නියෝග කළේය.

එම සැකකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නිගමනය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම නඩුවේ පළමු වන සැකකරු ලෙස නම් කොට තිබූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ වසන්ත මුදලිගේ ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මින් පෙර චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබිණි.

සැකකාර ගල්වල සිරිධම්ම හිමියන් වෙනුවෙන් නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment