10-CD ඇල්බමය සමගින් පියානෝ වාදක ටාන්යා ඒකනායක ජාත්‍යන්තරයට

151

2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලොව පුරා විශිෂ්ටතම කාන්තා පියානෝ නිර්මාපකයන් රැසක් ඇතුළත් 3 CENTURIES OF FEMALE COMPOSERS නමින් ඒකල පියානෝව සඳහා 10-CD කට්ටලයක් ලොව පුරා නිකුත් කර ඇත. මෙම නිකුතුව සිදුකර ඇත්තේ ලොව විශාලතම ශාස්තී‍්‍රය සංගීත කණ්ඩායම වන Naxos Music Group ys Grand Piano ලේබලය මගිනි.

ශී‍්‍ර ලංකාවට වැදගත් වන්නේ CD-9 ජාත්‍යන්තරව කීර්තිමත් ශී‍්‍ර ලාංකේය – බි‍්‍රතාන්‍ය සංගීත නිර්මාපකයකු – පියානෝ වාදක වන විශාරද ආචාර්ය ටාන්යා ඒකනායක විසින් වාදනය කරන ලද පියානෝව සඳහා රචනා අටකින් සමන්විත වන ඇයගේ ඒකල ඇල්බමය වන ‘The Planets & Humanity – Piano Reflections මෙයට එක්කර තිබීමය. නිර්මාපකයන්ගේ ලාබාලතම නිර්මාපකයා වන්නේ ද ඇයයි. ජාත්‍යන්තර වාර්තා ලේබලයක් මගින් ලොව පුරා මුල් රචනා සම්පූර්ණ ඇල්බම නිකුත් කළ ප‍්‍රථම ශී‍්‍ර ලාංකික නිර්මාපකයා වන ආචාර්ය ඒකනායක දකුණු ආසියාතික කාන්තා නිර්මාපකයකු පියානෝ වාදකයකු ලෙස නිර්මාණශීලී පරිචය මගින් පියානෝවෙහි ආඛ්‍යානය, සංස්කෘතීන් සහ අවකාශයන් පුළුල් කිරීමට දායක වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment