‘‘සිලෝන් නිදහස් අභියෝග කුසලාන’’ පළමු අවසන් පූර්ව තරගය අද සබරගමුව සහ ගාල්ල අතර  

102

‘‘සිලෝන් නිදහස් අභියෝග කුසලාන’’ අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (25 දා* සවස ගාල්ල මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහි සෙසු තරග ත‍්‍රිත්වය යාපනය, අම්පාර සහ රත්නපුරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

‘‘සිලෝන් නිදහස් අභියෝග කුසලාන’’ පළමු අවසන්  පූර්ව තරගය අද සබරගමුව සහ ගාල්ල අතර  

පළාත් කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරුණු මූලික වටයේදී ඉහළම ප‍්‍රසාද ලකුණු ලබා ගනිමින් සබරගමුව ද සිව් වැනි ස්ථානය හිමි කර ගනිමින් දකුණ ද අවසන් පූර්ව වටයට වරම් ලබා ගත්තේය.

පුහුණුකරු ෆසූල් රහූමාන් මහතාගේ මග පෙන්වීම අනුව එම්.එන්.එම්. ෂිෆාන් ගේ නායකත්වයෙන් සබරගමුව ද පුහුණුකරු ශිරන්ත කුමාර මහතාගේ ම`ගපෙන්වීම අනුව එම්.ආර්. රිෂාඞ් ගේ නායකත්වයෙන් දකුණ ද අද සටන් බිමට අවතීර්ණ වෙති.

සබරගමුවේ එම්. මුෂ්ෆික් ගෝල් 05 ක් ද මොහොමඞ් ෂිෆාන් ගෝල් 03 ක් ද දකුණ වෙනුවෙන් සුපුන් ධනංජය ගෝල් 03 ක් ද රැුස් කරමින් කැපී පෙනුණු අතර සබරගමුව සහ දකුණ අතර හමුවක් මූලික වටය යටතේ යාපනයේ දී දක්නට ලැබුණු අතර එහිදී ගෝල් 01 – 00 ක ජයග‍්‍රහණයක් දකුණ හිමි කර ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment