හාට් ටු හාට් ඉන්ටර්නැෂනල් යළිත් මිලියන 985 ක බෙහෙත් දෙයි

110

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට ‘හාට් ටු හාට් ඉන්ටර්නැෂනල්’ වෙතින් තවත් රුපියල් මිලියන. 985 ක (ඩො. මිලි 2.9 ක) ඖෂධ තොගයක් ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එය ඔවුන් පසුගිය වසරක කාලයේදී ලංකාවට ලබාදුන් 08 වන පරිත්‍යාගයයි. අදාළ ආධාර තොගය 26 දා ගුවනින් ශ්‍රී ලංකාවට ළඟාවී තිබේ. එම ඖෂධ අතර පිළිකා, වකුගඩු, අගන්‍යාසය හා මොළය ආශ්‍රිත රෝග සඳහා ඇමෙරිකාවේ නිපදවූ ලොව නවීනතම හා මිල අධිකම ඖෂධ වේ.

මේ දක්වා ඩොලර් මිලියන 53 ක වෛද්‍ය ආධාර එම ආයතනය විසින් ලංකාවට ලබාදී ඇති අතර එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 13,000කට අධික අති විශාල මුදලකි. එම ආධාරවල ප්‍රවාහනය ඇතුළු සියලු වියදම් එම ආයතනය මගින් දරන පසුබිම ඇතිකර ගැනීමට තානාපති මහින්ද මහතා සමත්ව තිබේ.

ඇමෙරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ මූලස්ථානය පිහිටි හාට් ටු හාට් ආයතනය 1992 සිට මේ දක්වා ලොව රටවල් 130 කට ඩොලර් බිලියන 2.5 ක අති දැවැන්ත මුදලක ඖෂධ පරිත්‍යාග කර තිබේ. යම් රටක ස්වාභාවික විපත්වලදී එම ආයතනය විශේෂ මැදිහත්වීම් සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම ඖෂධ තොගය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය ඇමැති වූ පසු විදේශයකින් ලැබුණු ප්‍රථම පරිත්‍යාගය වේ. හාට් ටු හාට් වෙත සිය ස්තූතිය පිරිනැමූ තානාපති මහින්ද සමරසිංහ මහතා ලාංකීය ජනතාවගේ ගෞරවය ද එම ආයතනය වෙත පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment