බිංගිරියේ ක්‍රීඩා පිටියක් නැතිව ක්‍රීඩා මණ්ඩපයක් හදලා – වැරදි තීන්දුගත් නිලධාරීන්ට නඩු දාන බව ඇමැති රොෂාන් රණසිංහ කියයි

64

බිංගිරියේ ක්‍රීඩාපිටියක් නොමැතිව ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකර ඇතැයි ද ක්‍රීඩා මණ්ඩපය සඳහා ඇස්තමේන්තු මුදල් සියයට 95ක් ගෙවා ඇති මුත් ඉදිරිකිරීම් අවසන් කර නැතැයි ද ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව වැරදි තීන්දු ගන්නා නිලධාරීන්ට එරෙහිව තමා අධිකරණය හමුවේ නඩු පවරන බව බිංගිරියේ ව්‍යාපෘති නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් පසුගිය (25දා) ඇමැතිවරයා කීය.

රොෂාන් රණසිංහ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමැතිව සිටි කාලයේ 2017 දී බිංගිරියේ ඉදිකිරීම් ආරම්භ කළ ක්‍රීඩා මණ්ඩපයට රුපියල් මිලියන 200ක් ඇස්තමේන්තු කළා ඉන් සියයට 95ක් ගෙවා අවසන්. ඒත් වැඩ අවසන් නෑ. ක්‍රීඩාපිටියක් නොමැතිව ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකරලා. මේ ගෙවීම් කළේ කාටද? ගෙව්වේ කවුද? වැඩ අතරමග නතර කළේ ඇයි? වැරදි කළ රජයේ නිලධාරීන්ට එරෙහිව අධිකරණයට යනවා. විශ්‍රාම ගිය නිලධාරීන් සිටී නම් ඔවුන්ව ද උසාවියට කැඳවනවා.

එම නිරීක්‍ෂණ චාරිකාවට ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා එක්විය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment