ලොවක් වසඟ කළ එල්විස් ප්‍රෙස්ලිගේ දුව මියයයි

415

ලොවක් වසඟ කළ ලෝ ප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එකම දියණිය වන ලීසා මාරි ප්‍රෙස්ලි හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබේ.

ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මියයන විට පනස්හතර වැනි වියේ පසු වූ ඇය ද ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

1968 දී උපත ලද ලීසා මාරි ප්‍රෙස්ලි ගේ ගීත ඇතුළත් ඇල්බම් තුනක් නිකුත් කර ඇත.

2003 වසරේදී ගීත තැටියක පිටපත් ලක්ෂ ගණනක් අලෙවි විය.

ලීසා මාරි ප්‍රෙස්ලි ගායන ශිල්පිනිය පසුගිය අඟහරුවාදා රාත්‍රියේ බෙවර්ලි හිල්ස් හි පැවති ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලට අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියාය.

එල්විස් ප්‍රෙස්ලිගේ පුතා බෙන්ජමින් කීව් 2020 වසරේදී සියදිවි නසා ගත්තේ ඇති වූ සිත්තැවුලක් නිසාය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment