ශිෂ්‍යත්ව ප්‍රතිඵල එයි

275

නැවත සමීක්‍ෂණවලට පෙබරවාරි 28 දා තෙක් අවස්ථාව

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2022) ප්‍රතිඵල ඊයේ (25 වැනිදා) මධ්‍යම රාත්‍රියේ නිකුත් විය.

මෙම විභාගය පසුගිය දෙසැම්බර් 18 වැනිදා පැවැත්වූ අතර විභාගය සඳහා අයැදුම්කරුවන් තුන්ලක්‍ෂ තිස්හතර දහස් අටසිය පස්දෙනකු ඉල්ලුම් කර තිබුණි. විභාගය සඳහා සිසුහු තුන්ලක්‍ෂ විසිනවදහස් හයසිය හැට අට දෙනකු මෙහිදී පෙනී සිටියේය.

ප්‍රතිඵල නිකුත් කිරීමේදී දිස්ත්‍රික් හෝ දිවයිනේ ලබාගත් ස්ථාන පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ නිකුත් කරනු නොලැබේ.

ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව විසිදහසක් වන අතර ඒ අතරින් ශිෂ්‍යත්ව 250 ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන්කර තිබේ. විශේෂ අවශ්‍යතා කාණ්ඩය යටතේ ශිෂ්‍යත්ව හිමිකම් ලබන අපේක්‍ෂකයන්ගේ මුළු ලකුණු සමඟ ශිෂ්‍යත්ව හිමිකම් ලැබූ බවට විශේෂ සටහනක් ඇතුළත් කෙරේ.

නිකුත් කර ඇති පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා අයැදුම් කිරීමට පෙබරවාරි 28 වැනිදා දක්වා කල් ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එයි

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment