රටේ දරුවෝ වෙනුවෙන් අකමැත්තෙන් වුණත් හිඟාකන්න වුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

85

රටේ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් තමාට හිඟා කෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පැවසීය.

අසීරුවෙන් ගෙවා දැමූ එවැනි යුගයකට නැවත ගමන් කිරීමට කිසිවකුත් කැමති නැති බවද කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැති 2024 වර්ෂයට අදාළ පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා ඊයේ (14 දා) පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.2022, 2023 වර්ෂ ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. අපි දන්නවා ඉන්ධන පිරවුම්හල් ළඟ වූ දේවල්. විදුලිබලය තිබුණේ නැහැ. කොහෙන්ද තෙල් සොයාගන්නේ කියලා දෙමව්පියෝ බැලුවා. ආහාර නැහැ. මම හිතන්නේ නැහැ කවුරුත් ඒ යුගයට යන්න කැමතියි කියලා. ඒ යුගයට යන්න කැමති කවුද කියලා ඇහුවොත් කවුරුත් අත උත්සන්නේ නැහැ. ඒක වුණේ අපේ කාලේ. ඔයාලා ශිෂ්‍යයන් වෙලා ඉන්න කාලේ. මම බලන්නේ ආපහු ඔබේ අනාගතයේදී එසේ නොවන ශක්තිමත් ආර්ථිකයක් හදන්නයි. ඔබලා වැඩිහිටි වුණාම තෙල් හොයාගෙන යන්න ඕනෙ නැහැ. රැකියා නැතිවෙන්න නැහැ.

අපිට මේ කාලේ රටවලින් සල්ලි ඉල්ලන්න වෙනවා. මම අකමැත්තෙන් හෝ ගිහින් හිඟා කෑවා. ඒ ඔබට අනාගතයක් ලබාදෙන්නයි. මම කැමති නැහැ ඔබලා වැඩිහිටියන් වූ සමාජයක ආණ්ඩුව ගිහින් හිඟා කනවට.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment