රෝහල් ලොක්කන්ටත් ඇඟිලි සලකුණු එයි

378

වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සෙසු විධායක ශ්‍රේණි නිලධාරීන්ට දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු තැබීම අනිවාර්ය කර ඇත.

ඒ අනුව ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක රාජකාරිවල නිරත වන නිලධාරීන්ට අදාළ දීමනා විධිමත්ව ගෙවීම වෙනුවෙන් පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment