කබඩි – මල්ලවපොර ඇතුළු සම්මේලන සහ සංගම් 5 ක් ඇමැති අණින් අත්හිටුවයි

83

ක්‍රීඩා සංගම් 02 ක සහ ක්‍රීඩා සම්මේලන 03 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා එහි බලතල නිසි බලධරයකු යටතට පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය, ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය, ශ්‍රී ලංකා බි්‍රජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය යන සංගම් සහ සම්මේලන තාවකාලිකව අත්හිටුවා ඇත.

එම සංගම් සහ සම්මේලනවල නිලවරණ පැවැත්වීම සහ පරිපාලන කටයුතු කිරීම ඉකුත් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

ක්‍රීඩා අමාත්‍යවරයාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම අත්හිටුවීම සිදු කර ඒවායේ බලතල ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරා ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment