මේ මාසේ ගෑස් මිල වෙනසක් නෑ – ලිට්‍රෝ සභාපති

42

ආර්ථික අපහසුතාවෙන් සිටින ජනතාව ගෑස් මිල වැඩිකර තවත් අපහසුතාවට පත්කිරීමට නොහැකි නිසා මේ මාසය තුළ ගෑස් මිලේ වැඩිවීමක් නොකර එම තත්ත්වයෙන්ම මිල පවත්වාගෙන යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (03 දා) පැවැසීය.

ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ යම් අවප්‍රමාණය වීමක් සිදුවීම නිසා කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පමණ ඉහළ දැමිය යුතු මට්ටමක පැවැතියත් එසේ නොකර සිටීමට කටයුතු කළ බව ද ඒ මහතා කීය.

ජනතාවට උත්සව සමයටත් ඉන් පසුවත් අවශ්‍ය ගෑස් සංචිත ලිට්‍රෝ සමාගම සතුව පවතින බවත් එම නිසා ජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව ගෑස් මිලදී

ගැනීමට හැකියාව සකසා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ගෑස් මිලේ වෙනස්වීම සෑම මසකම 05 වැනිදා සිට සිදුකිරීමට කටයුතු කෙරේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment