ගිවිසුම් කඩ කළ රුහුණේ සරසවි ඇදුරෝ කෝටි 15 තවම ගෙවා නෑ – විගණනයෙන් හෙළි වෙයි

163

බැඳුම්කර ගිවිසුම් කඩවීම මත රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 30 දෙනකුගෙන් අයවිය යුතු රුපියල් පහළොස් කෝටි, හෑත්තෑ නම ලක්ෂ, පනස්තුන්දහස්, දෙසිය හැටඑකක (157,953,261) මුදලක් ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 වැනිදා වන විටත් අයකර ගැනීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

2006, 2008, සහ 2018 යන වර්ෂවලදී ගිවිසුම් කඩවීම මත මෙකී මුදල මෙම ආචාර්යවරුන්ගෙන් විශ්වවිද්‍යාලයට අය වීමට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙකී මුදල කඩිනමින් අයකර ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ මුදල් අය කිරීම සිදුකරමින් පවතින බවත් මුදල් නොගෙවන ආචාර්යවරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවත්ය. රුහුණ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment