ලන්සලා දෙවැනි රැලියට හයිඩ් යති

150

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් විසින් පිහිටුවූ නව සන්ධානයේ දෙවැනි මහජන රැලිය ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මූලිකත්වයෙන් සහ සුගීශ්වර බණ්ඩාර මහතාගේ සංවිධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බව රාජගිරිය පිහිටි පක්ෂ කාර්යාලය පවසයි. මෙවර මහජන රැලිය සඳහා අලුත් මුහුණු කිහිපයක් එකතුවීමට ද නියමිත අතර ඉන් දෙදෙනකු නැගෙනහිර පළාත නියෝජනය කරන සහ ජන ප්‍රසාදයක් දිනාගත් දේශපාලන නායකයන් වීම ද විශේෂත්වයක් යැයි එම කාර්යාලය සඳහන් කරයි. මේ අතර නව සන්ධානයේ දේශපාලන කටයුතුවලට සහාය දීම සඳහා රාජ්‍ය ආයතන සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් බොහෝ දෙනකු මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා හමුවී සාකච්ඡා පවත්වමින් තිබෙන බවද එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment