මහනුවර වෛද්‍ය සංගමය ආරම්භ වූයේ අදට වසර හැටකට පෙරය.

ඒ මහනුවර මහ රෝහලේ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ප්‍රධානත්වයෙනි. මෙම සංගමයේ නිල මඬුල්ල ඉතිහාසයේ සිට අවස්ථා ගණනාවකදී නව්‍යකරණයට ලක්විය.

වත්මන් නිල මඬුල්ල ලෙස උප භාණ්ඩාගාරික – වෛද්‍ය සමන් වලිසිංහ, ආචාර්ය අමිල කොඩිකාර, ආචාර්ය කන්චන බුද්ධික දසනායක, ආචාර්ය රලින්ද පල්ලාවල, උප සභාපති – මහාචාර්ය තුෂාර කුඩගම්මන, ලේකම් – ආචාර්ය – ක්‍රිෂ්ණ ප්‍රදීප් සහ ආචාර්ය නිශාන් ධර්මසේන, භාණ්ඩාගාරික ආචාර්ය තුසිත පාදෙනිය, උප ලේකම් – ආචාර්ය මුදිත අබේකෝන්, සමාජ කටයුතු ලේකම් – වෛද්‍ය රන්මිනි විජේකෝන්, සෙනානි එගොඩගේ, සංස්කාරක – ආචාර්ය රුවන්ති බණ්ඩාර, සමිදි නවරත්න, විශාකා පණ්ඩිත ගුණවර්ධන සහ කේසර රත්නතුංග, මහාචාර්ය නීලකාන්ති රත්නතුංග, මහාචාර්ය වී.එස්. වීරසිංහ, මහාචාර්ය. වසන්ති පින්ටෝ, ආචාර්ය කාංචනා එදිරිසිංහ, ආචාර්ය මංජුල හේරත්, මහාචාර්ය එම්.ඩී. ළමාවංශ, මහාචාර්ය මංජුල ආටිගල, මහාචාර්ය ඩී. මැදගෙදර, වෛද්‍ය දම්සර නන්දදේව, වෛද්‍ය නන්දන ජයතිලක, මහාචාර්ය ෂෙනාල් තායිගගොඩ, වෛද්‍ය අනුර රාජපක්ෂ, ආචාර්ය රොෂානා මල්ලවාරච්චි, ආචාර්ය දුමින්ද යසරත්න, ආචාර්ය යසස් ජයසිංහ, ආචාර්ය කාවින්ද අමරසිංහ, වෛද්‍ය කීර්ති දිසානායක, වෛද්‍ය උදය කළුබෝවිල, ආචාර්ය නිරෝෂන් අබේවර්ධන, මහාචාර්ය ඉන්දු නානායක්කාර, ආචාර්ය ජී. මයුරදන්, ආචාර්ය උපාලි චන්ද්‍රසිරි, ආචාර්ය ඒ.එච්.එම්.කේ. අබේසිංහ, ආචාර්ය චන්දන කැකුලාවල, ආචාර්ය චතුරංග කැප්පෙටියාගම, වෛද්‍ය ධම්මික සෝමරත්න, මහාචාර්ය රුවන් ජයසිංහ, වෛද්‍ය සම්පත් ගුණරත්න, වෛද්‍ය ඉන්දික වීරසේකර පත්ව සිටිති.

හැට වසරක් පුරා වැජඹෙන මහනුවර වෛද්‍ය සංගමය

මහනුවර වෛද්‍ය සංගමයේ වත්මන් වජ්‍ර ජයන්තිය සැමරීමේ උත්සවය එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රිචර්ඩ් ලන්ග්ෆඩ් (RICHARD LANGFORD) මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විශේෂ ආරාධිත ඉන්දීය සහකාර කොමසාරිස් වෛද්‍ය අතිරා එස් මෙනවියගේ සහභාගිත්වයෙන් පෙබරවාරි හත්වැනි දින පස්වරුවේ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී පැවැත් විණි.

සංගමයට වසර හැටක් පිරීම නිමිත්තෙන්, මහනුවර, මාතලේ, නුවරඑළිය ඇතුළු මධ්‍යම පළාතේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් හත, අට, නවය යන තෙදින තුළ සැසිවාර තුනක් පැවැති අතර එහිදී විශේෂ දේශන, සම්මන්ත්‍රණ, විවෘත සාකච්ඡා, පර්යේෂණ පත්‍ර ඉදිරිපත් කිරීම්, විවාද සහ ප්‍රශ්නෝත්තර සැසි ආදියෙන් සමන්විත විය.

අධ්‍යාපනය ප්‍රමුඛ කර ගත් ප්‍රධාන පෙළේ ප්‍රමුඛතම සංවිධානය වන මහනුවර වෛද්‍ය සංගමය මගින් වෘත්තීමය හා වෛද්‍ය අධ්‍යයන කටයුතුවල නියැලුණු වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දැනුම සහ ආකල්ප සංවර්ධනය උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි. නවීන දැනුම කාලීනව ප්‍රායෝගිකව යොදා ගැනීම සඳහා වෛද්‍යවරුන් දැනුවත් කිරීම වජ්‍ර ජයන්තියේ අරමුණ බව එම සංගමයේ වත්මන් සභාපති නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.

වසර හැටක සේවා කාලය අගයමින් මෙවර සංගමය විසින් ඉකුත් ජනවාරි 29 වැනිදා සිට විවිධ සම්මේලන රෝහල් මට්ටමින් පවත්වමින් වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ දැනුම ආකල්ප කාලීනව නව්‍යකරණයට බඳුන් කිරීමත් සංවර්ධනය කිරීමත් සිදුකළ බව හෙතෙම කියා සිටියේය. ඒ අනුව ඉකුත් ජනවාරි 29 වැනි දින නුවරඑළිය, තෙල්දෙණිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනකුගේ සහභාගිත්වය ඇතිව නිර්වින්දන, දැඩිසත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකකයන්හි සේවයේ නියුතු වෛද්‍යවරුන් අසූ දෙනකු වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේදී සම්මේලනයක් පැවැත්වීය.

පෙබරවාරි පළමු වැනි දින කනිෂ්ඨ වෛද්‍යවරයකුට රෝගී ප්‍රතිකාරවලදී අත්‍යවශ්‍ය වන පුහුණුව ලබා දෙමින් කාලීන ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්වූ අතර ඒ සඳහා බදුල්ල අම්පාර සහ රත්නපුර විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වය ලැබිණි.

හැට වසරක් පුරා වැජඹෙන මහනුවර වෛද්‍ය සංගමය

කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය ඇතිව පෙබරවාරි දෙවැනි දින වෛද්‍යවරුන් අසූවක් වෙනුවෙන් ළදරුවන් සඳහා ප්‍රතිකාරවලදී අවධානය යොමු කළ යුතු සහ ප්‍රමුඛතාවය ලබාදිය යුතු කරුණු පිළිබඳව දැනුම යාවත්කාලීන කිරීමේ සම්මන්ත්‍රණයක් පේරාදෙණිය ශික්ෂණ රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මේ සියලුම වැඩසටහන් ඔස්සේ බලාපොරොත්තු වන්නේ මධ්‍යම පළාතේ සියලුම රෝහල්වල උසස් තත්ත්වයකින් යුත් රෝගී සත්කාර හා ප්‍රතිකාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන පසුබිම සකස් කිරීම බවද සංගමයෙහි සභාපති විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා පැවසීය.

මහනුවර වෛද්‍ය සංගමයේ මෑතකාලීන ඉතිහාසයේදී සෑම මාසයකදීම වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දැනුම ආකල්ප සංවර්ධනය සඳහා විශේෂ දේශන පැවැත්වීමක් සිදුකෙරිණි. එය ආරම්භ වූයේ සෑම සතියකම බදාදා දිනවල පෙරවරු 11.00 සිට පැයක කාලයක් වෛද්‍යවරු සහ වෛද්‍ය ශිෂ්‍යයන් අතර පැවති wednesday talk වැඩසටහන මතය. මධ්‍යම පළාත තුළ සිටින වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සියල්ලන් අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ සුහද හමු පැවැත්වූ අතර විවිධ ප්‍රසංග ද පැවැත්විණි. තවද සෑම ජාතියක්, ආගමක් නියෝජනය වන පරිදි වාර්ෂිකව යෙදෙන වෙසක්, පොසොන්, තෛපොංගල්, නත්තල් ඇතුළු සෑම උත්සව අවස්ථාවකදීම ආගමික උත්සව සහ නොමිලේ සායන පහසුකම් අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා වියළි ආහාර ඖෂධ ප්‍රතිකාර ලබාදීම ඇතුළු ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කර ඇත. මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අවශ්‍යතාවයන් උදෙසා වාර්ෂික දානමය පින්කමක් සහ උපකරණ පරිත්‍යාගය දොඩම්වල විශේෂ අවශ්‍යතා සහිත පාසල් වෙත ලබාදීමට ද පියවර ගෙන තිබිණි.

මහනුවර වෛද්‍ය සංගමය මගින් මෙම සියලුම කාර්යයන් සිදු කරන්නේ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සේවය ජනතාවට සමීප කරවීමට ය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment