දැවැන්ත චීස් කුට්ටිවලට යටවී ඉතාලියේ පුද්ගලයෙක් මරුට

1027

උතුරු දිග ඉතාලියේ ලොම්බාඩි කලාපයේ පිහිටි ගුදමක ගබඩා කර තිබූ ඉතාලියේ අතිශයින් ජනප්‍රිය කිලෝ 40ක පමණ බරකින් යුත් චීස් කුට්ටි දහස් ගණනක් හා ඒවා ගබඩා කර තිබූ රාක්ක ඇඟට කඩා වැටීමෙන් 74 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. ඉකුත් ඉරිදා (06දා) සිදුව ඇති මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ චීස් ගුදමේ හිමිකරු වන ගියකොමෝ චියප්පරිනි නැමැත්තාය. චීස් ගුදමේ තැන්පත් කර තිබූ ඉතාලියේ ජනප්‍රිය රෝදවල ඔතා ඇති පාර්මසන් වර්ගයේ චීස් වර්ගයක් “ග්‍රානා පාඩනෝ” නමැති චීස් කුට්ටි හා ඒවා තැන්පත් කර තිබූ වානේ රාක්ක ඇඟට කඩා වැටීමෙන් අදාළ තැනැත්තා මිය ගොස් ඇති අතර චීස් කුට්ටිවලට යට වී සිටි මියගිය අයගේ සිරුර සොයා ගැනීම සඳහා අසල්වැසියනට පැය 12ක පමණ කාලයක් ගත වී තිබේ. ඇතැම් චීස් කුට්ටි මීටර් 10ක පමණ උසක සිට ඇද වැටී ඇති බව හෙළි වී තිබේ.

මෙම අනතුර සැළ වූ පසු එතැනට රැස් වූ අසල්වාසීන් හා ගිනි නිවන හමුදා භටයන්ට මියගිය චියප්පරිනිගේ සිරුර සොයා ගැනීම සඳහා දැවැන්ත චීස් කුට්ටි හා වානේ රාක්ක දෑත්වලින් ඉවත් කිරීමට සිදුව තිබේ. ලොම්බාඩි කලාපයට අයත් ‘රෝමානෝ ඩි ලොම්බාඩියා’ නමැති කුඩා නගරයේ පිහිටි රෝදවල එතු චීස් කුට්ටි 25,000 ක තොගයක් ගබඩා කර තිබූ ගුදමක මෙම අනතුර සිදුව ඇත්තේ මිය ගිය තැනැත්තා විසින් චීස් කුට්ටි තොගය පරීක්ෂා කරමින් සිටියදීය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment