ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 6 ක් හෙට කෞතුකාගාරයේදී ප්‍රදර්ශනයට

59

ලන්දේසීන් විසින් වසර 200 කට වැඩි කාලයකට පෙර මෙරටින් රැගෙන යන ලද පුරාවස්තු හයක් නැවත මෙරටට ලබාදීමෙන් පසු ඒවා හෙට (05) සහ අනිද්දා (06) දිනවල කොළඹ කෞතුකාගාරයේ පැවැත්වෙන උත්සවයකදී යළි දැකබලා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනය කළේය.

එම පුරාවස්තු භාරදීමට අදාළ ගිවිසුම් ඉකුත්දා අත්සන් තැබුණු අතර එරට ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතා කටයුතු කරන ‘දේවී වැන් ද විරාඩ්’ මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම පුරාවස්තු නැවත ශ්‍රී ලංකාවට භාරදීම සිදුවිය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment