පොහොට්ටුවේ මැයි දින සැමරුම මෙවර කැම්බල් පිටියේදී

74

‘අභියෝග බිඳ අභිලාශ ජයගනිමු’ යන තේමාව යටතේ මෙවර මැයි දිනය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශිී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

අපි බලය ගන්නකොට කිව්වා පාරිභෝජන ආර්ථිකයෙන් මිදී ආයෝජන ආර්ථිකයකට යායුතු බව. ඒක ලොකු අභියෝගයක්. නමුත් කොව්ඩ් වසංගතය වගේම ඉන් පසුව ඇතිවූ රුසියානු යුක්රේන යුද්ධය වගේම තවත් අභියෝග නිසා ඇතිවූ තත්ත්වය වැරදි විධියට අර්ථකථනය කරලා ඇති කළ බොරු අරගලය නිසා අපිට එම අභියෝග ජය ගන්න බැරි වූවා. නමුත් අපි එම අභියෝගය ජය ගැනීමේ අභිලාශය අත්හැර නැහැ. ඉදිරියේදි ලෝකයට ණය නොවී ජීවත්වන ජාතියක් ඇති කිරිම තමයි අපගේ අභිලාශය, ඒක තමයි අපගේ ප්‍රථම අභියෝගය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. “සියයට 3 කණ්ඩායම මේ රටට උඩට එන්න ඉඩදුන්නේ නැහැ. මේ රට යම් කිසි තත්ත්වයකට එන්න හදපු සෑම අවස්ථාවකදීම වසර 15 ක් 20 ක් ආපස්සට ඇදලා දැම්මා. එහෙම කරලා දැන් අහනවා අවුරුදු 75 ක් මොකද කළේ කියලා? ඔවුන් දැනුත් එම කටයුත්තම කිරීමට උත්සාහ කරනවා”
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment