කාලිංග කුමාරගේට ඉන්දියාවේ දී රන් පදක්කමක්

192

ඉන්දියාවේ දී පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට කාලිංග කුමාරගේ සමත් වූයේය.

පිරිමි මීටර් 400 අවසන් තරගයේ රන් පදක්කම ජයග්‍රහණය කරමින් කාලිංග කුමාරගේ ක්‍රීඩකයා මෙම දස්කම දැක්වීය.

තත්පර 45.64ක කාලයකින් එම තරගය අවසන් කිරීමට ඔහු සමත් වූයේය.

කාලිංග මෙම තරගයේ දී තත්පර 46කට අඩු කාලයක් වාර්තා කිරීම කැපී පෙනෙන අතර ඔහු මෙම තරගාවලියේ වාර්තා කළ වේගවත්ම කාලය ද මෙය වේ.

මීටර් 400 මූලික වටයේ දී තත්පර 46.76 ක කාලයක් වාර්තා කරමින් කාලිංග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 46.27 කි.

අවසන් පූර්ව වටයේ දී පළමු සහ දෙවන ස්ථාන කේරළ ක්‍රීඩකයන් දෙදෙනකු විසින් හිමිකර ගන්නා ලදී.

මෙවර පැවැත්වෙන්නේ ඉන්දීය ප්‍රාන්ත අන්තර් මලල ක්‍රීඩා තරගාවලියේ 62 වෙනි අදියරයි.

advertistmentadvertistment
advertistmentadvertistment