මැගසින් එකේ ඉන්න ගමන් වත්තල කුඩු ජාවාරම මෙහෙයවලා

73

අත්අඩංගුවට ගත් ‘සරා’ ළඟ ලක්‍ෂ 37ක අයිස් සහ මුදල්

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවකු විසින් මැගසින් බන්ධනාගාරය තුළ රැඳී සිටිමින් වසරක පමණ කාලයක් තිස්සේ සිට වත්තල සහ ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අනාවරණය කරගෙන තිබේ.

වත්තල පොලිස් වසමේ නායකකන්ද ප්‍රදේශයට යොමුකළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ප්‍ර.පො.ප. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යුක්තිය මෙහෙයුමට සමගාමීව වත්තල, නායකකන්ද ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී ‘සරා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජාවාරම්කරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25ක් වටිනා අයිස් ග්‍රෑම් 117යි මිලිග්‍රෑම් 220ක් සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් රුපියල් 12,05000/= ක් සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වෙත මත්ද්‍රව්‍ය විකිණීම සඳහා ලබාදී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව දැනට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජේසු ස්ටීවන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වත්තල පොලිස් ස්ථානයට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉදිරිපත් කළ අතර රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි. මෙම වැටලීම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහගේ මෙහෙය වීමෙන් ප්‍ර.පො.ප. සිරිවර්ධන, උ.පො.ප. ජයලත්, පො.සැ. (30115) කරුණාදාස, (51068) පුෂ්පකුමාර, (75056) ඉන්දික, පො.කො. (90452) ලෝගනාදන්, (39850) අශාන්, (92905) අමිල, (93425) ධනුෂ්ක, (100677) ලක්ෂිත, (105086) කේසුමාරන්, කා.පො.කො. (13022) මෙලනි, පො.කො.රි. (80831) උදේශ්, (105529) සිල්වා යන නිලධාරීන් කණ්ඩායම විසින් සිදු කරන ලදී.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment