සෞඛ්‍ය ඇමැතිලා 7කගේ වත්කම් බැරකම් සොයන්න – අල්ලස හා නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සී.අයි.ඩී.යට කියයි

137

හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් හත්දෙනකු ඔවුන් සෞඛ්‍ය අමාත්‍ය ධුර දරන කාලසීමාවේදී උපයා ගන්නා ලද වත්කම් බැරකම් පිළිබඳව විගණනයක් කොට ඒ සම්බන්ධ වන නීතිමය පියවරක් ගන්නා ලෙස අල්ලස හා නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් අංශයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන, කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්ම මහත්මීන් විසින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කාලසීමාවේදී උපයා ගන්නා ලද වත්කම් බැරකම් පිළිබඳව පූර්ණ විගණනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබේ. ඒ සඳහා ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් හා ඔවුන්ගේ සමීපතම ඥාතීන්ගේ පෞද්ගලික ගිණුම් අතර මුදල් හුවමාරු වූ අන්දමත් ඔවුන් විසින් ලබාගත් චංචල නිශ්චල දේපළ සම්බන්ධවත් විගණනයක් කරන ලෙස ද සඳහන් කර ඇත.

එහිදී අයථා ලෙස දේපළ උපයා ගැනීමක් සිදුකොට ඇත්නම් ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූල ලෙස ක්‍රියා කරන ලෙසත් අධිකරණය හමුවට පමුණුවන ලෙසත් ඉල්ලීම් කර තිබේ

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment